ලොව වයස්ගතම කාන්තාව මෙක්සිකෝවේ

Published in අනං මනං
Tuesday, 02 September 2014 09:57

ලොව වයස්ගතම කාන්තාව මෙක්සිකෝවෙන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලීන්ඩ්‍රා බසීරා ලුම්බ්‍රෙරාස් නම් ඇය දෙවන ලෝක යුධ සමයේ අවුරුදු 27ක තරුණියක වූ බව පැවැසේ.

127 හැවිරිදි ලුම්බ්‍රෙරාස්ගේ උපන්දිනය දිනය යේදී ඇත්තේ 1887 අගෝස්තු මාසයේ 31 වැනිදාටයි.

පවුලේ සාමාජිකයන් පවසන ආකාරයට ඇගේ මෙම දීර්ඝ ආයු කාලයේ රහස වන්නේ හොඳින් ආහාර ගැනිම, නිදා ගැනීම සහ කිසිදා විවාහ නොවීමයි.

ඇයට මී මුණුබුරු මිණිබිරියන් 73ක් මෙන්ම මී-මී මුණුබුරු මිණිබිරියන් 55ක් සිටියි.

කෙසේවෙතත්, මීට වසර 40 කට පෙර වෙනත් නිවසකට පදිංචියට යාම හේතුවෙන් ඇගේ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී  ඇති බව වාර්තා වන අතර මේ වනවිට මෙක්සිකානු නිලධාරීන් ඇයට නව උප්පැන්න සහතිකයක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us