වාසනාව බලන්න හිසේ පොල් ගසන්නෝ

Published in අනං මනං
Friday, 15 August 2014 15:05

සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් දිවි පෙවෙතක් උදෙසා පොල් ගෙඩිය හිස් කබලේ ගසා බිඳ දෙවියන්ට කන්නලව් කිරීමේ අපූරු චාරිත‍්‍රයක් පිළිබඳව දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ.

19 වන සියවසේ සිට වර්ෂ ගණනාවක් පැවත එන මෙම පාරම්පරික චාරිත‍්‍රය සඳහා බැතිමතුන් දහස් ගණනක් තමිල්නාඩු ප්‍රාන්තය වෙත වාර්ෂිකව එක් රැස් වෙති. 

ගැහැණුන් හා පිරිමින් පමණක් නොව කුඩා දරුවන් පවා මේ සඳහා සහභාගි වෙති. හිසේ ගසන පොල් ගෙඩිය බිඳ දැමීමේදී එයින් පොල් වතුර විසිරී යන ආකාරය හා පොල් ගෙඩිය බිඳෙන ස්වභාවය අනුව එම වසරෙහි ඔහුගේ දියුණුව සංකේතවත් වන බව ඔවුන්ගේ අදහසයි.

චාරිත‍්‍රය ඉටු කිරීමෙන් පසු හිස් කබල දරුණු ලෙස තුවාල වීම නිසා මේ සඳහා ගිය පිරිස් රෝහල් ගත කැර ඇති බවත් ජීවිත හානි සිදු වී ඇති බවත් කියති.

එම නිසා මෙම චාරිත‍්‍රය නවතා දැමය යුතු බව වෛද්‍යවරු කියති.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us