ගෙවල් මැදින් දුවන චීන දුම්රිය

Published in අනං මනං
Thursday, 14 August 2014 14:55

නිවාස හා ගොඩනැගිලි මැදින් දිවෙන අපූරු දුම්රිය මාර්ගයක් චීනයේ චොන්ගුවින්ග් ප්‍රදේශයේ නිර්මාණය කර තිබේ.

එහි නිර්මාපකයින් පවසන්නේ දුම්රිය මාර්ගය සාමාන්‍ය පරිදි ඉදිකිරීමට ගියේ නම් මහල් නිවාස ඇතුලූ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට සිදුවන නිසා මෙවන් පියවරක් ගත් බවයි.

දුම්රිය මාර්ගය ඇතැම් අවස්ථාවන්හි මහල් නිවාසයක් මැදින් දිවෙයි.එවන් මහල් නිවාස වල වෙනම තට්ටුවක් දුම්රිය නැවතුම් පළක් සඳහාද වෙන්කර තිබේ.

මේ දුම්රිය මාර්ගය නිසා ප්‍රදේශයේ නිවාස වල මිලද සැළකිය යුතු තරම් ඉහළ ගොස් ඇතැයිද සඳහන්ය.දුම්රිය නැවතුම් පළක්ද ඇති මහල් නිවාසයක පදිංචි වන්නට අකැමැති වන්නේ කවුරුන්ද?.

මොනෝ රේල් ගණයට අයත් වන මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ විදුලියෙන්.මෙනිසා දුම්රිය මාර්ගය ගොඩනැගිල්ලක් අතරින් දිවේය කියා එහි වසන්නන්ට කිසිදු අපහසුතාවක් ඇති නොවේ.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us