කෙන් බෝනික්කෙක් බදු කොල්ලෙක්

Published in අනං මනං
Saturday, 09 August 2014 09:15

බ්‍රසීල ජාතික සෙල්සෝ සන්ටෙබානෙස්ගේ පෙනුම බාබි බෝනික්කන් සමඟ හමුවන කඩවසම් 'කෙන්' බෝනික්කු මෙනි.

මෙම විසි හැවිරිදි තරුණයාට සිය පෙනුම කෙන් බෝනික්කකු හා සමාන කර ගැනීමට දැරීමට සිදුවූ වියදමද ලෙහෙසි පහසු නොවේ.ඒ සිය මුහුණු සකස් කර ගැනීම සඳහා වූ ප්ලාස්ටික් සැත්කම් සඳහා ඔහුට ඇමෙරිකානු ඩොලර් 50,000 වැය කිරීමට සිදු වී ඇත.

කුඩා කාලයේ සිටම බෝනික්කන්ට අතිශය කැමැත්තක් දැක්වූ සෙලසෝ වයස 16 දී නිරූපණ තරඟයක් ජය ගැනීමෙන් අනතුරුව ජීවිතයේ විශේෂ වෙනස් කම් කිහිපයකටම මුහුණු දී තිබේ.

මෙක්සිකානු රූපවාහිනී වැඩසටහනක හමුවන ඔහුගේ ප්‍රියතම චරිතයට අනුව ඔහුගේ වාසගම වෙනස් කරන ඔහු සිය සැත්කම් සඳහා මුදල් රැස් කිරීම ආරම්භ කර තිබේ.

සැත්කම් කිහිපයකටම මුහුණ දීමෙන් අනතුරුව 'කෙන් ' බෝනික්කකුගේ පෙනුම ලබාගත් සෙලසෝ ජනප්‍රියත්වයට පත් වී ඇත්තේ සාවෝ පවුලෝ නුවර රූපවාහිනී වැසටහනකට සහභාගී වීමෙන් අනතුරුවයි.

මේ වනවිට ඔහුගේ පෙනුම ඇති බෝනික්කන් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති සෙල්සෝ එක් විශේෂ දර්ශනයක් සඳහා පෙනී සිටීමට ඇමෙරිකානු ඩොලර් 15,000 අය කරන බව වාර්තා වේ.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us