සල්මන්ගෙන් ජැකීට මෝටර් රථයක්

Published in අනං මනං
Saturday, 09 August 2014 09:08

‘කික්’ චිත්‍රපටය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ එහි රඟන සල්මන් ඛාන් සහ ලාංකේය නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙතටයි. පසුගිය දා ඉන්දියාවේ ‘සී. ටී. වී.’ (zee TV) රූපවාහිනී චැනලයේ විශේෂ සාකච්ඡාමය වැඩසටහනකටත් සල්මන් සහ ජැකලින් ඇරයුම් ලබා සිටියේ ඒ ජනප්‍රියත්වය නිසාමයි. එම වැඩ සටහනේදී එක් අවස්ථාවක සල්මන් ජැකලින්ව ඇමතුවේ ‘ජේ. එෆ්. කේ.’ (JFK) යනුවෙන්.

වැඩ සටහන මෙහෙයවූ නිවේදකයා ජැකලින්ව එලෙස හැඳින්වූයේ ඇයිදැයි සල්මන් ගෙන් විමසුවා. එවිට සල්මන් කියා සිටියේ JFK යනු ‘ජැකලින් ෆර්නැන්ඩස් ඛාන්’ බවයි. ජැකලින් නම් ඊට සිනාසුණා මිස කිසිවක් කීවේ නැහැ. ඒ වුණත් සල්මන්ගේ ඒ හැඳින්වීමෙන්ම හැ‍ඟෙන්නේ ජැකලින් ඔහුගේ හිතට බෙහෙවින්ම සමීප වී ඇති වග නොවෙයි ද?

මේ දැඩි හිතවත්කම නිසාම පසුගිය දා සල්මන්, ජැකලින්ට ඉතා වටිනා තෑග්ගක් පිරිනමා තිබෙනවා. ඒ, ‘අවුඩි’ මෝටර් රථයක්. මීට කලිනුත් සල්මන් ගෙන් ජැකලින්ට තෑග්ගක් ලැබුණා. ඒ, සුඛෝපභෝගී නි‍ෙවසක්. රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරමින් ඔහු මෙලෙස ජැකලින්ට තෑගි දෙන්නේ මොන හේතුවකටදැයි ඔබට හිතේවි.

 විශේෂ හේතුවක් නැහැ. එය, සල්මන්ගේ සිරිතක්. ඔහු, මීට කලින් තමන් සමඟ රඟපෑ ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුටම මේ අයුරින් ඉතා වටිනා තෑගි පිරිනමා තිබෙනවා. ඒ වුණත් කටකතා පතුරුවන අය කියන්නේ ‘කික්’ චිත්‍රපටය රූගත කළ දිනවලදී සල්මන් වරින් වර ජැකලින්ගේ කනට කොඳුරමින් මොනවදෝ පැවසූ බවයි. කරුණු දන්නා අය නම් කීවේ චිත්‍රපටය රූගත කෙරෙද්දී අධ්‍යක්ෂවරයා සහ සෙසු නළු නිළියන් හින්දි භාෂාවෙන් පැවසූ වදන් සල්මන් ජැකලින්ට ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කළ බවයි. වෙනත් කිසිවක් කනට කෙඳිරුවේ නැතිලු.

(රසඳුන)

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us