මද කිපුණු අලියයි මෝටර් රියයි

Published in අනං මනං
Friday, 08 August 2014 14:26

අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා තිබේ.

ආමන්ඩ් ග්‍රොබෙල් නම් මේ සංචාරක මගපෙන්වන්නා පවසන්නේ මද කිපී සිටි අලියා වනයේ සිට පැමිණ වාහනයට උඩින් පැන රථය තම බඩට තද කරගෙන සිටි බවයි. 

ඉන් පසු විනාඩි කිහිපයක් රථය ඒ මේ අතට තල්ලුකැර දැමූ මේ දැවැන්තයා යළි වනයට වැදී නොපෙනී ගොස් ඇත.

අලින්ගේ වාසස්ථාන හා චර්යාවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන තරුණයකු හා තරුණියක පමණක් මේ රථයේ සිටි බවයි. අලියාගේ පහර දීමෙන් රථයේ විදුරුවලට, වහලට හා බොනට්ටුවට හානි සිදුව තිබුණු අතර රෝද ඒ මේ අත ඇඹරි ඇද වී තිබිණි. 

කාරයේ බඳට ද හානි සිදුව ඇති අතර කාරයේ සිටි දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත. 

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us