වඳුරා ගත් selfie photo එකට නඩු

Published in අනං මනං
Saturday, 09 August 2014 16:06

මැකාකේ වර්ගයේ වඳුරෙකු විසින් ගන්නා ලද ස්වයං ඡායාරූපයක් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට යාමක් පිළිබඳ වාර්තා වේ.

ඒ වඳුරා විසින් ගනු ලැබූ ඡායා රූපයේ හිමිකාරත්වය සම්බන්ධවයි. මේ නඩුව පවරන්නෙ වඳුරට විරුද්ධව නම් නෙමේ. මෙම සුවිශේෂී ඡායාරූපය එක්තරා වෙබ් අඩවියක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පළ කර තිබීමත් සමඟ මෙම ගැටළුව මතු වී ඇත.

වඳුරා සිය ඡායාරූපය ගෙන ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික සම්මානනීය වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන ඩේවිඩ් ස්ලේටර්ගේ කැමරාවෙනි. ඒ 2011 වසරේ ඩේවිඩ් ස්ලේටර් විසින් සුලවේසි දිවයිනේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවකදීය.

එම වඳුරා එහිදී කැමරා භාවිත කිරීමට පුරුදු වී ඇති අතර එම ඡායාරූපය අහඹු ලෙස කැමරාවේ සටහන් වී ඇත.

මෙම ඡායාරූපය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට පළ කළ වෙබ් අඩවියේ පිරිස පවසන්නේ මෙය වඳුරෙකු විසින් ගනු ලැබූ ඡායාරූපයක් වන නිසා ඩේවිඩ් ස්ලේටර්ට එහි අයිතියක් නොමැති බවයි. මේ වනවිට එම වෙබ් අඩවියට එරෙහිව නඩු පැවරීමට ඩේවිඩ් ‍ස්ලේටර් සූදානම් වේ.


ld add copy

Latest News

අද වැහිබර කාලගුණයක්

අද වැහිබර කාලගුණයක්

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැක...

Connet With Us