subash

subash

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එළෙඹෙන වෙසක් පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

කඩවත - මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

රටේ ආර්ථික අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් භාර ගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නොවන බවත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව භාර ගත්තේ රට වැටුණු තැනින් ඉහළට එසවීමේ අභියෝගය වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ එම අමාත්‍යාංශයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් අතර හමුවක් සිදුව තිබේ.

අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබේ.

ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

Connet With Us