''මීට අවුරුද්දකටත් වැඩි කාලයක ඉස්සෙල්ල පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වුනායින් පසුව කෙරෙන ප්‍රථම පුවත්පත් සාකච්ඡාවට සහභාගිවෙලා සිටින මාගේ පැරණි මිත්‍රයන්, මාධ්‍යය නියෝජනය කරන ඔබතුමන්ලා සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.

කොළඹ වරාය නගරය සංවර්ධනයට අදාලව රටේ පොදු නීති පද්ධතියෙන් වෙනස් කෙරුණු නව නීති සංශෝධනයක් මේ වන විට කෙ‍ටුම්පත් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් සහිත ඕනැම රටක ජනතාව විසින් කාලෙන් කාලයට පාලයන් මාරු කරන්නේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය පිණිස එම පාලකයන්ගෙන් වන සේවය ගැන ඇගයීම අනුවය.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බාලම දරුවා වූ උවිදු විජේවීර දැන් දේශපාලනයට අවතීරණය වී සිටී. උවිදුගේ මේ දේශපාලන ආගමනය ලංකාවේ දේශපාලනයට කවරාකාරයෙන් බලපෑමක් වේ දැයි දැන්නම් කිසිවක් නිශ්චිතව කිව නොහැක.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පසුගියදා සම්මත කරගන්නා ලද යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ කතිකාවත් ගොඩනැගෙමින් පවතී.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම රටක් ලෙස ලැබූ පරාජයක් ලෙස සැලකිය හැකි නමුත් විපක්ෂ දේශපාලන පක්ෂ එය සලකමින් සිටින්නේ ආණ්ඩුව ලැබූ නැතිනම් රාජපක්ෂවරු ලැබූ පරාජයක් ලෙසය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් එම යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබි තිබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 11 ක ලැබී තිබිණි. එසේම ඡන්ද ප්‍රකාශ නොකර සිටීමට රටවල් 14 ක් ක්‍රියාකර තිබිණි. මේ අනුව යෝජනාවට බහුතර ඡන්දයක් ලැබී එය ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය.

ලංකාවේ පරිසර විනාශය සම්බන්ධ බරපතල ගැටළුවක් පවතින බව විවාදයක් නැතිව පිළිගත යුතු ඇත්තකි. එය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පැවැති කිසිදු ආණ්ඩුවක් විසින් හෝ ප්‍රතික්ෂේප නොකළ ඇත්තකි. එහෙත් පරිසරය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අප ගෙන තිබෙන පියවරයන්ට වඩා පරිසරය යළි යළිත් හානියට හේතු වන පියවරයන් ගැනීම දිගින් දිගටම සිදුවෙමින් පවතී.

Connet With Us