News Items (18842)
අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
අරගලය පැවැති ඉකුත් 2022 වසරේ මැයි නම වැනිදා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේදී විභාග වූ නඩුවේ තීන්දුව අද (14 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
රජයේ නිලධාරීන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ප්‍රවීන මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින ප්‍රවීන මාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද(13) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලෙහි සමාරම්භක උත්සවය අද (13) පැවැත්වේ.
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවලට ට්‍රම්ප් දෙන්න යන දඩුවම
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
