2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

2009/2010 වර්ෂවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ සිදුකෙරන විමර්ශන කඩිනම් කර එයට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) නියෝග කර තිබේ.

අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතින්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

ශ්‍රීපාද කඳු මුදුන ඉදිරිපිට පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක අද (19) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.

Connet With Us