මැදපෙරදිග සිටින ඥාතීන් ගැන තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමග මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි.

අපිරිසුදු ආහාර ලබාදීම ඇතුළුව චෝදනා හතක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආපනශාලාවට එරෙහිව මරදාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මාළිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබේ.

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කළේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

රන් මිල පහළ යමින්

Published in පුවත්
Friday, 27 February 2026 20:26

පසුගිය දිනවලදී ඉහළ ගිය රන් මිල යළි අඩුවෙමින් තිබෙන බව මෙරට රන් ආභරණ ව්‍යාපාරිකයින් පවසයි.

පාකිස්තානය විසින් තලේබාන් සටන්කරුවන් ඉලක්කකර එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් තලේබාන් සටන්කරුවන් 130කට වැඩි පිරිසක් මියගිය බව පකිස්තානය තහවුරු කර තිබේ.

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි.

2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන්, මාර්තු 03වනදා රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

Connet With Us