ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

දැන් රට තිබෙන්නේ ජනාධිපතිවරණයක මුව විටය. එම ජනාධිපති වරණයෙන් රනිල්ට විය හැක්කේ කුමක්ද? රනිල් බලයට පත්වු වහාම වාගේ ඔහු රටේ නායකයන් අතර සිටින ස්මාර්ට්ම නායකයා වන බවට මා කළ ප්‍රකාශයක් මහජන කථා බහකට හේතුවී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා හෙළිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර  පැවසීය.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළේය.

නොපැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළ ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම මේ වන විට ප්‍රකාශයට පත් කර අවසන්ය. එමෙන්ම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම ද මේ වන විට සිදුකර ඇත.

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් උරුමය, අස්වැසුම සහ ජයගමු ශ්‍රී ලංකා වැනි මහජනතාව සෘජුව සම්බන්ධ කරගන්නා රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් සහභාගි නොකර ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ. 

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පාන් විකුණන නීතිය

Published in පුවත්
Saturday, 27 July 2024 11:34

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

අමෙ­රි­කානු ඩොලර් බිලි­යන ගණ­නා­වක නව ණය මුදල් සැප­යීමේ කොන්දේ­සි­ව­ලට අනුව ඊජි­ප්තුවේ පෙට්‍රල් මිල ඊයේ සිට 15% කින් ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊජිප්තු රජය එරට පෙට්‍රල් මිල මාස 4ක් ඇතු­ළත ඉහළ දැමූ දෙවැනි අව­ස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Connet With Us