News Items (18842)
දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීමට නව පනතක්
ව්‍යවසායන් සහ දේපොළ ඇතුළු පෞද්ගලික දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීමේ අරමුණෙන් ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීමට රජය සූදානම් වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දු -පාකිස්ථාන පිපීරීම් නිසා අනවශ්‍ය භියක් ඇති කර නොගන්න .රට ආරක්ෂිතයි ! මහජන ආරක්ෂක ඇමති කියයි
ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම සිදුවුණි.
එජාපයේ පිහිටෙන් ආරච්චිකට්ටුවේ මංගල අයවැය මාලිමාව දිනා ගනී
පුත්තලම - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් සම්මත කරගැනීමට ජාතික ජන බලවේගය අද (11) සමත් වුණි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමෙන් ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව, 2026 අයවැය ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේය.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා -පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.
