මීට අදාළ යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිව තිබේ.
ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යන්ත්රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයන් සඳහා ප්රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීමට මේ පනතින් ළඟා කර ගැනීමට 2025 අයවැය මඟින් යෝජනා කර තිබිණි.
ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්රිකාවක් පිළියෙල කිරීමට නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇත.
එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබේ.
-දිනමිණ

