News Items (18842)
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.
ගංගා ද්‍රෝණි කිහිපයකට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී. 50ට වැඩි වර්ෂාවක් ඇදහැලී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ පැවසීය.
ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ.
අද (12) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනමින් විනාශයට පත් විදුලි බල පද්ධතීන් අලුත් වැඩියා කර විදුලි බල සේවා අඛන්ඩව සැපයීමට විදුලි බල මණ්ඩලය සහ ඒ ආශ්‍රිත ආයතනය වල නිලධාරීන් සහ සේවක පිරිස් සමත් වුණා.
බිත්තර මිළ රු.45 හේ සීමාවෙන් අඩුවට පාරිභෝගිකයාට දෙනවා - බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය
රුපියල් 70 ට මිල ඉහළයන බව කියමින් වොයිස්කට් බිල්ලන් මවා පෑවද බිත්තරය රුපියල් 45 සීමාවෙන් අඩුවට පාරිභෝගිකයාට ලබාදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
මෙරට සහල් ඉල්ලුමෙන් සියයට පහක් (5%) සපයනු ලබන පොළොන්නරුව, ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයේ මෝල් සියල්ලම ගංවතුරින් යටවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය නතර වීමෙන් වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගොස් තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේය.
බෝංචි, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බදුල්ලේ නායයෑම් අවදානමෙන් පවුල් 238ක් ආරක්ෂිත ස්ථානවලට
නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
