ඉහළ ගිය එළවලු මිළ

Published in පුවත්
Thursday, 11 December 2025 08:06

බෝංචි, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 900ත් 1000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (10 වැනිදා) දිනයේදී බෝංචි කිලෝවක තොග මිල වූයේ රුපියල් 800ත් 1000ත් අතර මිලකි. නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක මිල රුපියල් 1300 ත් 1400 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු අනුව මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000ත් 1200ත් අතර මිලක් දකවා ඉහළ ගොස් තිබිණි. කරවිල කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලක් දක්වාද, වැටකොළු කිලෝවක මිල රුපියල් 380ත් 400ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us