සහල් මිලත් ඉහළ දමයි

Published in පුවත්
Thursday, 11 December 2025 08:20

මෙරට සහල් ඉල්ලුමෙන් සියයට පහක් (5%) සපයනු ලබන පොළොන්නරුව, ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයේ මෝල් සියල්ලම ගංවතුරින් යටවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය නතර වීමෙන් වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගොස් තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේය.

මෙම වී මෝල් ගංවතුරට හසුවන අවස්ථාවේදී ඒවා තුළ රුපියල් බිලියනයක පමණ වී ගබඩා කර තිබූ බවද සභාපතිවරයා පැවසුවේය.

ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයෙන් මධ්‍ය පරිමාණ මෝල්වලින් පමණක් මෙරට සහල් වෙළෙඳපොළට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ තුනක සැපයුමක් ලබාදුන් බවද ඔහු කීවේය. ගංවතුරට හසුවූ වී සහ සහල් තොග සියයට 70ක් පමණ ඉවත් කිරීමට සිදුවී තිබෙන බවත්, ඉන් කොටසක් කුකුළු සහ ඌරු ආහාර වශයෙන් නිකුත් කළ බවත්, වී මෝල් අඩි 12ක් පමණ උසට සම්පූර්ණයෙන්ම ගංවතුරින් යටවූ බවත් ඔහු පැවසුවේය.

මෙලෙස වැඩිපුරම විනාශයට ලක්ව ඇත්තේ නාඩු වී බවද මුදිත් පෙරේරා කීවේය.

ගංවතුර හේතුවෙන් වී මෝල්වල යන්ත්‍රෝපකරණ සියල්ල ජලයෙන් යටවූ බවත්, ඒවා මේ වනතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවත් ඔහු පවසා සිටියේය. යන්ත්‍රෝපකරණවල විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔහු පැවසුවේය.

මෙම යන්ත්‍රෝපකරණ පවිත්‍රකර නැවත භාවිත කිරීම සම්බන්ධව ගැටලු රැසක් පවතින බවද ඔහු කියා සිටියේය.

අපනයන තත්ත්වයේ සහල් නිෂ්පාදනය කරන ලද වී මෝලක්ද ගංවතුරින් සම්පූර්ණයෙන්ම යටවූ බවද ඔහු පැවසුවේය. මේ සම්බන්ධව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට එහි ඉහළ නිලධාරියකු කියා සිටියේ ගල්ලෑල්ල කලාපයේ සහල් මෝල් හතකට පමණ ගංවතුරින් විශාල හානියක් සිදුවූ බවය.

වී මෝල්වල බොයිලේරු, ජෙනරේටර් ආදිය ජලයෙන් යටවී තිබෙන බවද ඔහු පැවසීය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us