බදුල්ලේ නායයෑම් අවදානමෙන් පවුල් 238ක් ආරක්ෂිත ස්ථානවලට

Published in පුවත්
Thursday, 11 December 2025 07:48

නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය.

ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය.

"ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 14ක් පමණයි ආපදාවට ලක්වුණේ. ආපදාවට ලක්නොවී තිබුණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආපදාවකට ලක්වුණා. කළුකැලේ කන්ද නායයෑම හේතුවෙන් පවුල් 50කට අයත් 129ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත රඳවන්න සිදුවුණා. ස්වර්ණාතොට කොට්ඨාසයේ පවුල් 60ක 157දෙනෙක්, ඌව පරණගම කොට්ඨාසයේ පවුල් 40ක 127ක්, රිදීමාලියද්ද කොට්ඨාසයේ පවුල් 50ක 139දෙනෙක්, මීගහකිවුල කොට්ඨාසයේ 35ක 158ක් නායයෑම් හේතුවෙන් ඉවත් කරන්න සිදුවුණා. හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පවුල් 18කට අයත් 87දෙනෙක් සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34කට අයත් 148 දෙනෙක් ලෙස පවුල් 238කට අයත් 806 දෙනෙක් නිවෙස්වලින් ඉවත් කරන්න සිදුවුණා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us