ෆයිසර් සහ ඇස්ට්‍රා සෙනෙකා යන එන්නත් දෙකම මාත්‍රා දෙකම ලබාගැනීමෙන් අනතුරුව කොවිඩ්-19 ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව බෙහෙවින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වී තිබේනවා .

මෙරට ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ නොතකා පෞද්ගලික රෝහල් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසිදිතයන් වාර්තා වුවහොත් ඒ සියලු දෙනාට ප්‍රතිකාර අදාළ පෞද්ගලික රෝහල්වල වියදමෙන් ලබා දිය යුතු බව කොවිඩ් කමිටුව දැනුම් දී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළදී කොවිඩ් ආසාදිතව නිවෙස් තුළදීම සිදුවිය හැකි මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් එම මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම මෘතදේහ ගබඩා කර තැබීමට අධි ශීතකරණ සහිත කන්ටේනර් කිහිපයක් මේ වනවිට සූදානම් කර ඇති බව කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රකශ කර තිබෙනවා.

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්තය 128,607ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයින පුරා බලපවත්වන පරිදි යොදා ඇති සංචරණ සීමා හේතුවෙන් ඉදිරි දින තුළදි මහජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිඳු හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීම සඳහා සියලු කටයුතු රජය විසින් සිදුකර ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැස් කර ඇති ගබඩා සංකීර්ණ නිරීක්ෂණයට සහ එම කටයුතු නිසි අයුරින් සිදුවනවාද පිළිබඳ සොයා බැලීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ ස්ථාන වෙත ගොස් තිබේ.

නිරීක්ෂණයෙන් අනතුරුව ඔහු පවසා සිටියේ මසක පමණ කාලයක් සදහා අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග පෞද්ගලික හා රාජ්‍ය ගබඩාවල ඇති බවයි.

-පංචාලි අබේසේකර

b1shop2shop3

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

මැයි මස 28 වන දිනයෙන් පසුව ඊළඟ සතිඅන්නතයේ දීත් නැවත සංචරණ සීමා පනවන්නේ ද යන තීරණය කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us