වැස්ස, සුළං වේගය දැඩි වේ ! ධීවර ප්‍රජාවටත් අනතුරු ඇගවීම්
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඖෂධ නියාමන අධිකාරිය බාල බෙහෙත් ගේන්න සමාගමකට බලපත් 286ක් දීලා!
නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව ඖෂධ සැපයීමට විශේෂ බලපත්‍ර 286ක් පසුගිය කාලයේ එක්තරා පෞද්ගලික සමාගමක් වෙත ඖෂධ නියාමන අධිකාරියේ බලධරයන් විසින් නිකුත් කර ඇති බව වාර්ථාවේ.
වාහන ගෙන්වන්න මාර්ග සිතියමක්. මුල්‍ය අරමුදලේ අනුමැතියට
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ සාර්ථකභාවය විදහා දක්වමින් 2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3%ක් ලෙස ඉහළ ගොස් ඇත.
ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් මෙතෙක් ගනු ලැබූ සාර්ථක ක්‍රියාමාර්ග ගැන IMF වෙතින් ප්‍රශංසා
රජයේ මූලිකත්වයෙන් අත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ ශ්‍රී ලංකාව ණය තිරසරභාවය සඳහා මෙතෙක් ගනු ලැබූ සාර්ථක ක්‍රියාමාර්ග ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රශංසාව පළ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය ගැන නිවේදනයක්
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය මෙම මස 17 වැනිදා බෙයිජිං නුවරදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩයනු ඇතැයි නොසිතූ අවස්ථාවක තමා බලාපොරොත්තු වූවාටත් වඩා යහපත් තත්ත්වයකට රැගෙන ආවා - ජනපති
කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවට අද (13) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.