ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පලකරන බව නිල වශයෙන් දැනුම් දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  පවසයි.

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනතාව පීඩාවට පත්කරමින් වැඩවර්ජන , උද්ඝෝෂණය සිදුකිරීම නිසා ජනතාව වෘත්තීය සමිති සමග තරහින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා.

ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව එක්ස් පණිවුඩ නිකුත් කරමින් සදහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉතාම තීරණාත්මක අවස්ථාවේ රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේ දී සහාය පළ කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරුමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කර සිටියි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවට එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට හැකි වු බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපතිවරයාගේ පැහිදිලි හා තීරණාත්මක නායකත්වය ජාතික ස්ථාවරත්වය වර්ධනය කිරීමට හේතු වු බව පෙන්වා දෙයි. 

එවැනි අභියෝගාත්මක කාලයක් නැවත පැමිණීම වැළැක්වීමට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහාය දැක්විම අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර .

එළැඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.

මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් 2024 ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us