රනිල්ට ඇප දුන්න උසාවියෙන්ම දේශබන්දුටත් ඇප  

Published in පුවත්
Wednesday, 27 August 2025 13:09

2022 වසරේ ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එමෙන්ම කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය විය යුතු බවත් එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදුකරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමටද නියම වුණි.

අදදෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us