දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරිකයෙකු වන නවසීලන්ත ජාතික මයිකල් ලැප්ස්ලි පියතුමා මෙම මස 21වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මයිකල් පියතුමා ලෙස අප්‍රිකානු ජනතාව හඳුන්වන එතුමා වර්ණ බේද වාදයට විරුදධව හඬ නැගුවෙකි. නවසීලන්ත ජාතිකයෙකු වන මයිකල් පියතුමා 1973 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට පැමිණෙන්නේ උපාධි අපේක්ෂකයෙකු ලෙසයි.

'මාළුවා' හෝ 'බෝට්ටු'ව ලකුණින් ධීවර දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට වයඹ බටහිර වෙරළ තීරයේ ධීවර ගම්මාන රැසක ධීවරයන් තීරණය කර ඇත.

පසුගිය පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති කෝටි ගණනින් මූල්‍ය වංචා සිදුකළ සහ අයථා ලෙස වත්කම් ඉපයූ විවිධ තානාන්තරවල සිටි පුද්ගලයන්ට එරෙහිව ලැබී තිබූ එහෙත් පරීක්ෂණ සිදු නොකර යටගැසූ සහ පරීක්ෂණ සිදුකළ ලිපිගොනු දහස් ගණනක් පොලිස්පතිවරයා වෙතට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඕනෑම පොඩි දෙයකට පවා අල්ලස් හා දූෂණ කොමිෂමට පැමිණිලි ගෙනගොස් ලොකුවට උද්ඝෝෂණ පවත්වන ජනතා විමුක්ති පෙරමුණ මහ බැංකු මූල්‍ය වංචා පිළිබඳ මුනිවත රැකීම පිළිබඳ යම් සැකයක් මතුවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රට පුරා ඇති කැසිනෝහල්, සූදු පොළවල්,රාත්‍රී සමාජ ශාලාවල බලපත්‍ර පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය මගින් ක්‍රියාත්මක කර තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක සිදුව ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙන් කොටස් වෙළඳපොළ කඩා වැටී ඇතැයිද ඒ නිසා රටේ ආර්ථිකය අර්බූදයක් කරා යමින් තිබෙන බවද රට දේශපාලන වශයෙන් අස්ථාවර වී ඇතැයිද කියමින් මේ දිනවල විපක්ෂයේ ඇතැම් දේශපාලකයන්, සිරස රූපවාහිනිය හා රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන හා සමාජජාලාවලත් මහා ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.

ජාතික ආරක්ෂක අරමුදල සතු මැණික් ඔබ්බවූ ඔටු රූපයක් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත භාර දුන් බව ‍ලේඛනවල දක්වා ඇතත් එය එහි භෞතිකව පවතින්නේද යන්න පිළිබඳව අරමුදල මේ දක්වාම සොයා බලා නැතැයි එම අරමුදල සම්බන්ධයෙන් වූ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දක්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් 2010දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us