"මේ ආණ්ඩුව බලයට පත්කර දින 43ක් මේ වනවිට ගෙවී අවසන්. දින පනහටත් ළඟයි. දින සියයේ වැඩපිළිවෙළින් දින පනහක් ඇතුළත බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව කිසිම කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර නැහැ.

දූෂණ හා අල්ලස් චෝදනා එල්ලවූ ඉහළ පෙලේ දේශපාලකයන් 61 දෙනෙකු ගැන පැමිණිළි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන බව එම කොමිසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය උත්සහ කළ බව එම සිසුන් පවසති.

යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිධුරයේ විධායක බලතල අහෝසි කෙරුණද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනතා ඡන්දයෙන් පත්වූයේ විධායක ජනාධිපතිවරයකු ලෙස බැවින් ඔහුගේ ධුරකාලයට පමණක් සීමාවන පරිදී විධායක බලතල කිහිපයක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට එන්න පෙර ඒ ගැන තවත්වරක් සිතා බැලිය යුතු බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා  පවසයි. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තමන්ගේ මාගේ කිරිල්ලී සීඩී තැටිය විකුණා උපයාගත් මුදලින් කොටසක් වන රුපියල් කෝටිය (රු. 10000000.00) ක මුදලක් පොලිස් රණවිරුවන්ගේ නිවාස තැනීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කළ බව පොලිසිය නිවේදනය කරයි. එමගින් ඔහු සැරසෙන්නේ තමා කළ පව් සෝදා ගැනීමට බවනම් පැහැදිලිය.

සැබෑ වෙනසක් ඇති කිරීමේ අභිලාෂයෙන් එජාපය හා අනෙකුත් පක්ෂ වල කැමැත්ත පරිදි සකස් කළ දින සියය වැඩසටහනේ එන බොහෝ වැදගත් පොරොන්දු මේ වන තෙක් ඉටුවී නැති බව සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය පවසයි. 18 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් මෙම අදහස් පළ කළේය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිනිය ලෙස නීතිඥ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සහ උප සභාපති වශයෙන් නීතිඥ සජීව සමරනායක මහතා පත් කර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us