ලක්‌මාල්ගේ වම් පාදයේ වළලුකරට ඉහළ ප්‍රදේශයේ හටගෙන තිබෙන ආබාධයක් හේතුවෙන් එලෙස ඔහුට සති 4 ක පමණ කාලයක් විවේක ගැනීමට උපදෙස් ලැබී තිබේ.
එමෙන්ම දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්‌ට් තරගයේ පන්දු රකිමින් සිටියදී තුවාල ලැබූ ශමින්ද එරංගගේ තත්ත්වයද තවමත් යහපත් අතට හැරී නොමැතිවීම ශ්‍රී ලංකාවට තරමක් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරවන්නක් බවට පත්ව තිබේ.
එම තරගය අතරතුරදී තුවාල ලැබීම මත ශමින්දගේ අතට මැහුම් 8 ක් යොදා තිබෙන නමුත් පාකිස්‌තානය සමග හෙට (06 දා) ගාල්ලේදී ආරම්භ වන ටෙස්‌ට් තරගයට ඔහුව සහභාගි කරවීමට හැකි සෑම උත්සාහයක්‌ම ගනු ලබන බව මේ පිළිබඳව කරන ලද විමසීමකදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා සඳහන් කර සිටියේය.
ශමින්ද මේ දිනවලදී ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පුහුණු සැසිවලට සහභාගිවෙමින් සිටින අතර ඔහුගේ දායකත්වය පිළිබඳව ඊයේ සවස් වනතුරුත් කිසිදු එකඟතාවකට පැමිණ නොතිබිණි.
ඒ පිළිබඳව අදහස් දක්‌වා සිටි සොයිසා මහතා, ශමින්දගේ තත්ත්වය දැන් තරමක් යහපත් අතට හැරී තිබෙන බවත් ඉදිරි දින දෙක තුළදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බලා පළමු ටෙස්‌ට් තරගයට යොදවනවාද යන්න තීරණය කිරීමට නියමිත බවත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ වේග පන්දු යවන සුරංග ලක්‌මාල් ආබාධයකට ගොදුරුවීම මත සංචාරක පාකිස්‌තානු ක්‍රිකට් කණ්‌ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්‌ට් තරගාවලියට සහභාගිවීමේ අවස්‌ථාව අහිමිවී තිබේ.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...