නමුත් එම ග්‍රහලෝකයේ පෘථිවියේ මෙන් වාතය හෝ ජලය ඇති බව මෙතෙක් අනාවරණය වී නොමැත.
සූර්යාගේ සිට පෘථිවිය පිහිටන දුරට සමාන දුරකින් Kepler-452b ද එහි පිහිටි සූර්යාට ඈතින් පිහිටන බව පැවසෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මෙම පිහිටීම අනුව පෘථිවියේ මෙන්ම වාතය සහ ජලය සහිත ජීවීන්ට සුදුසු පරිසරයක් එහි පවතින බව සැක සිතිය හැකියි.
මෙම ග්‍රහලෝකය Cygnus තාරක මණ්ඩලයේ පෘථිවියට ආලෝක වර්ෂ 1400ක් ඈතින් පිහිටනවා. ඒවගේම මෙහි ගුරුත්වාකර්ෂණය පෘතුවියට වඩා වැඩි වෙනු ඇති බව නාසා ආයතනය පවසයි.
එසේම Kepler-452b වෙත ලැබෙන හිරු එළියද පෘථිවියේ පවතින හිරු එළියේ ප්‍රමාණයට සමාන විය හැකි බව පැවසෙනවා.


 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														