අත බේරගන්න කකුලට බද්ධ කරලා

Published in අනං මනං
Monday, 20 July 2015 11:23

ගසකින් තවත් පැලයක් ලබාගන්න අවශ්‍ය වෙලාවට අපි ගහකට වෙනත් අතු කොටසක් බද්ධ කිරීම සිදු කරනවා. නමුත් ඒ තාක්ෂණයම පසුගියදා මිනිස් අතක් බේරාගැනීම සඳහා යොදා ගැනුණා.

හදිසි අනතුරකට ලක්වූ පුද්ගලයෙකුගේ අතක් එම පුද්ගලයාගේම  කකුලේ වළලුකර ප්‍රදේශයට බද්ධ කිරීම මගින් බේරාගැනීමට චීන වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙනවා. මෙම විශේෂ සැත්කම සිදුවී තිබෙන්නේ චීනයේ මධ්‍යම ප්‍රදේශයේ හුනාන් පළාත් රෝහලක්  තුලයි.

Zhou නම් පුද්ගලයාගේ අත රැකියාව අතර තුර සිදු වූ හදිසි අනතුරකින් තුවාල සිදුව තිබෙනවා. වෙනත් ප්‍රතිකාරවලින් අනතුරුව වෛද්‍යවරුන්ගේ තීරණය වී තිබෙන්නේ එම අත නැවත බද්ධ කිරීමට කටයුතු කිරීමයි.

නමුත් අතට සිදු වී පැවති තදබල හානිය හේතුවෙන් නහර සහ ස්නායු සුවපත් වීමට යම් කාලයක් අවශ්‍ය වී තිබෙනවා. ඒ හේතුව නිසා අත සජීවී තත්ත්වයෙන් රැකගැනීම සඳහා කකුලට තබා මැසීම සිදු කර තිබෙනවා.  යම් අවයවයකට සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ පැය 10ට වඩා  ලේ ගමනාගමනය නිසි පරිදි සිදු නොවුනොත් එහි ඇති පටක මිය යාහැකි බව වෛද්‍ය මතයයි.

මීට පෙරත් 2013 වසරේ මේ ආකාරයේම අතක් අහිමි වූ පුද්ගලයෙකුට අතක් ලබාදීමට චීන වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබුණා .

මේ වනවිට  Zhouට අත බද්ධ කර අවසන් වුවත් අත සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයක කාලයක් ගතවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

chainagraffting leg1

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us