'හොරයිසන්' ප්ලූටෝ වෙත රැගෙන ගිය ගැහැණු

Published in අනං මනං
Friday, 17 July 2015 11:59

පසුගියදා නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලුටෝ වෙත සමීප උනා. ඒවගේම පළමු වතාවට ප්ලූටෝගේ සමීප ඡායාරූප ලබාගැනීමේ හැකියාවත් නාසා ආයතනයට හැකිවුණා.

ඒත් ඔබ නොදන්නා දෙයක් තිබෙනවා. නිව් හොරයිසන් යානා කාර්යමණ්ඩලයේ වගේම එම මෙහයුමේත් බාගයක්ම සිටින්නේ කාන්තාවන්.

මේ කාන්තාවන් අතර භෞතික විද්‍යාඥයන්, තාරකා විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සිටිනවා.

හොරයිසන් මෙහෙයුමේ වැඩිපුර කාන්තා නියෝජනයක් ඇති වීමට බලපා තිබෙන ප්‍රධානම හේතුව තමයි ප්ලූටෝ ගවේෂණ මෙහෙයුම සඳහා ඉතා තරුණ වයසේ පුද්ගලයන් බඳවා ගැනීම. ඒවගේම මේ සඳහා මැදිවයසේ කාන්තාවනුත් බඳවාගෙන තිබෙනවා.

මෙයට හේතු වශයෙන් නාසා බලධාරීන් සඳහන් කරන්නේ කාන්තාවන් එම කණ්ඩායම්වල වැඩකිරීම හේතුවෙන් තරුණ සිසුන් තුල පවතින උනන්දුව වගේම සහභාගිත්වයත් ඉතා හොඳ මට්ටමක තිබෙන බවයි. ඒවගේම ඔවුන් සඳහන් කරන පරිදි මේ තෝරාගැනීම් දක්ෂතාවය සහ කැපවීම් මත තෝරාගත් ඒවයි.

ප්ලුටෝ ග්‍රහලෝකය වෙත අපිට ලඟාවීමට එය මුල වරට සොයාගැනීමෙන් පසු වසර 85ක් ගත වුණා. මෙම නව සොයාගැනීම් හරහා තව තවත් කාන්තාවන්ට විශ්වය සමඟ ගණුදෙනු කිරීමට අවස්ථාව හිමි වෙනු ඇත.

හොරයිසන් මෙයුම නියෝජනය කළ ප්‍රධාන පෙලේ කාන්තාවන් කිහිපදෙනෙක් පහත දැක්වෙනවා.

Fran Bagenal - රුධිර ප්ලාස්මා සහ රුධිර අණු පිළිබද වෛද්‍ය කමිටුවේ ප්‍රධානී 

Alice Bowman - මෙහෙයුම් කළමණාකරු

Tiffany Finley - විද්‍යාත්මක පරීක්ෂණ කමිටුවේ ප්‍රධානී

Yanping Guo - අභ්‍යවකශ යානය ගමන් කළයුතු ගමන්පථය තීරණය කරනු ලැබුවේ ඇයයි.

pluto2

pluto3

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us