උමඟක් හාරගෙන හිරෙන් පැන්න ජාවාරම්කරු (video)

Published in අනං මනං
Thursday, 16 July 2015 11:30

හිරගෙවල් තුලින් උමං හාරගෙන පැන යන මිනිස්සු අපි දැකලා තියෙන්නෙ ටෙලිනාට්‍ය, චිත්‍රපටවල පමණයි. ඒත් ඇත්ත ජීවිතේදීත් ඒවගේ Prison Breakers ඉන්නවා කියන එක පහුගියදාක සනාථ උනා.

මෙක්සිකෝවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් උමඟක් හාරාගෙන එරට ප‍්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ජෝකින් ගුස්මාන් පලා යනවා. මේවනවිට ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකෝ රජය ඩොලර් 38 ලක්ෂයක ත්‍යාගයක් දෙන්න ලෑස්තියි. ඔහු ඉතා පහසුවෙන් පැනගිය ආකාරය බන්ධනාගාරයේ සවිකර තිබූ රහස් කැමරාවක සටහන් වී තිබෙනවා.

බන්ධනාගාර මැදිරියේ සිට කිලෝමීටර් එක හමාරක් දිග උමඟක් කැනීමෙන්, පසුගිය සෙනසුරාදා ඔහු නැවතත් බන්ධනාගාරයෙන් පළා ගියේ දෙවන වතාවටයි.

මීට පෙර 2001 වසරේදී ගුස්මාන් පැනගොස් තිබෙන්නේ රෙදි රැගෙන යන කරත්තයක සැඟවී ගෙනයි. ඔහු නැවත අල්ලා ගැනීමට වසර 13ක් ගතවී තිබෙනවා.

ගුස්මාන්ගේ පැනයාමට බන්ධනාගාර පාලකයින් සහාය වී ඇති බව පැවසෙනවා.

ජෝකින් ගුස්මාන් පැනයාම සඳහා නිර්මාණය කර ඇති උමඟ විදුලි ආලෝකය, වාතාශ්‍රය ලැබෙන උපකරණ වගේම උමඟ කණින උපකරණ සහ පස් ගෙනයාමය පහසු වෙන සේ නිර්මාණය කළ යතුරු පැදියකින් සමන්විතයි. සැතපුමක් පමණ දිගින් යුතු වෙන මේ උමඟ ගුස්මාන් රැඳී සිටි සිර කුටියේ නාන කරාමය අසලින් අවසන් වී තිබෙනවා.

jokin gusman

joking gusmanmecciko1

jokin gusman4

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us