වයස 86 උපාධි අපේක්ෂකයා

Published in අනං මනං
Tuesday, 09 June 2015 15:19

විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.

වැන්ග් ෂියා නම් වන මෙම පුද්ගලයා චීනයේ විශ්වවිද්‍යාල සදහා සිසුන් ඇතුළත් කරගැනීමට පැවැත්වෙන ගාවෝකෝ විභාගයට පෙනීසිට ඇත්තේ 1949 වසරේදීය.එතැන් පටන් 14 වතාවක්ම ඔහු නොයෙක් වර විභාගයට පෙනී සිට ඇත.නමුත් ඒ කිසිම අවස්ථාවකදී විභාගයෙන් සමත්වීමට ඔහුට හැකියාවක් ලැබී නොමැත.


මෙවර 15 වැනි වතාවටත් විභාගයට පෙනී සිටි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ මෙවර තමන් අනෙක් සියලූ අවස්ථාවලට වඩා සූදානම්ව විභාගයට මුහුණදුන් බවයි.

වැන්ග් ෂියා වෙදකමෙහි දක්ෂයෙකු වන බව පැවසේ. නමුත් ඔහුට වෛද්‍ය උපාධියක් නොමැත.මෙනිසා ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ වෛද්‍ය උපාධියක් ලබාගැනීමටය.

ඔහුගේ උත්සාහයට ගෞරව කරනු වස් 2007 වසරේදී චීනයේ නැන්ජින්ග් වෛද්‍ය විද්‍යාලය ඔහුට ගෞරව උපාධියක් පිරිනමා ඇතත් එයින් සෑහීමකට පත්වීමට ඔහුගේ කැමැත්තක් නැත. වෙසෙවී තමන්ම උපාධිය ලබාගත යුතුයැයි ඔහු දැඩිව අදිටන් කරගෙන සිටී.

ගාවෝකෝ විභාගය චීනයේ අති දුෂ්කරම විභාග අතුරින් එකක් ලෙස සැළකෙන අතර ලක්ෂ 90 ක සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල වරම් දිනාගැනීමේ අරමුණින් ඊට ඉදිරිපත් වෙති. චීනයේ අධ්‍යාපන පහසුකම් ඇත්තේ ලක්ෂ 69 ක සිසුන් පිරිසකට පමණක් වන හෙයින් විශ්වවිද්‍යාල වරම් දිනාගැනීමට සිසුන් අතර පවතින්නේ දැඩි තරගයකි.

(lankadeepa)

old1

old2

old3

old4

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us