තහනම් සංවිධානයක් වූ LTTE  සංවිධානය සැමරීම හා පෙළපාලි යාම අද සිට සතියක් පුරා මුලතිව් මහේස්ත්‍රාත් විසින් තහනම් කරනු ලැබ ඇත. 
යුද්ධයෙන් සිය ඥාතීන් අහිමි වූ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙමින් තම ඥාතීන්ගේ ආත්මයන්ට සැනසීම ලබාදෙන ලෙස ඉල්ලමින් පුජා  පවත්වා තිබේ.
 මිට අමතරව යාපනය විශ්ව විද්‍යාලය තුලද යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමේ උත්සවයක් පැවැත්වුණි. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල සිසුන් ආචාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත. 
මෙම සැමරුම්වල පැවති විශේෂත්වය වන්නේ LTTE සංවිධානයේ කොඩියක්, ලාංචනයක් හෝ පින්තූරයක් දක්නට නොලැබීමයි. එම සැමරුම්වල  ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. 
ඡායාරූප උපුටාගැනීම : tamilguardian






 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														