hot වෙන්න කැමති අයට වයින්

Published in අනං මනං
Wednesday, 29 April 2015 14:07

අපි හැමදාම මත්පැන්වලින් සෞඛ්‍යට සැලසෙන වාසි වගේම අවාසි ගැන කතා කරනවනෙ. එතැනදී අපි විශේෂයෙන් සඳහන් කරන දෙයක් තිබෙනවා.

ඕනෑම මත්පැන් වර්ගයක් සුළු වශයෙන් ගැනීමෙන් කිසිම අහිතකර තත්ත්වයක් ඇති වෙන්නෙ නෑ. බොනවා කියල නාන්න ගියොත් නම් වැඩේ වන වෙනවා. ඕනෑම දෙයක් එහෙමනෙ. ඕනෑවට වැඩිය ඕනම නෑ. ඔන්න අද කියන්න යන්නෙත් මත්පැන් නිසා සැලසෙන වාසියක් ගැන. මේ වාසිය සැලසෙන්නේ වයින් පානය කිරීමෙන්.

ගැහැණු පිරිමි බේදයකින් තොරව අපි කැමතියි අනිත් අයගෙ ආකර්ෂණය දිනාගන්න. නවතම අධ්‍යනයකින් හෙළිව ඇති පරිදි වයින් පානය කිරීම මගින් අන් අයගේ ආකර්ෂණය දිනා ගත හැකියි.

මේ බව අනාවරණය වෙලා තියෙන්නේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් විසින් සිදු කළ අධ්‍යනයකින් පසුවයි. ඔවුන් පවසන පරිදි මෙම පරීක්ෂණයේදී වයින් පානය කළ පුදගලයන් අනිත් අයගේ ආකර්ෂණය වැඩි පුර දිනාගෙන තියෙනවා.

පරීක්ෂකයින් මේ සඳහා බාවිතා කරලා තියෙන්නේ වයින් බීමෙන් පසු මද වශයෙන් මත්වූ සහ මත්පැන් පානය නොකළ ගැහණු සහ පිරිමින්ගේ ඡායාරූප කිහිපයක්.

ඔවුන් මේකට හේතුව වශයෙන් සඳහන් කරන්නේ මත්පැන් පානයෙන් පසු ඇතිවන නිදහස් බව, සතුට සහ සිනහව හරහා මුහුණේ ඉරියව් වෙනස් වීමෙන් මෙම ආකර්ෂණය ඇතිවන බවයි. ඒවගේම මුහුණේ ඇතිවන ප්‍රාණවත් බව හරහා ආකර්ශනීය ස්වබාවය වැඩිවන බවයි ඔවුන්ගේ මතය.

මෙම පරීක්ෂණය සඳහා සහභාගී වූ පරීක්ෂකයින් සඳහන් කරන විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි ඕනෑවට වඩා පානය කිරීම හරහා මේ ආකර්ෂණය නැත්තටම නැති වී යන බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us