සල්මන්ට තවත් නඩුවක්

Published in අනං මනං
Friday, 10 April 2015 12:25

බොලිවුඩ් නළු සල්මාන් ඛාන් තමාට පහර දුන් බවට පුද්ගලයකු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන ලෙස මුම්බායි පොලිසියට අධිකරණය නියෝග කර තිබේ.

ලෝකාන්දේ නම් මහේස්ත්‍රාත්වරයා විසින් පැනවූ මේ නියෝගයෙන් කියැවී ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති විසින් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවය. පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රවීන්ද්‍ර ඩ්විවේඩි නම් තැනැත්තාය.

ඉකුත් නොවැම්බරයේ ඔහු ගුවන් යානයකට ‍ගොඩ වීමට යාමේදී සල්මන් ඛාන් ඇතුළු කිහිප දෙනකු ඔහුට පරිභව කොට පහර දුන් බව පැමිණිල්ලේ සඳහන්ය. තවද සල්මන් ඛාන් තමාට පහර දෙන ලෙස ඔහුගේ ආරක්ෂකයන්ට පැවැසූ බවත් එහිදි තමා අත තිබූ ලේඛන සියල්ල උදුරා ගනිමින් පහර දීම සිදුවූ බවත් රවීන්ද්‍ර කියා ඇත.

' භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ගෝපිනාත් මුන්ඩේ ගේ මරණයට අදාළ නඩුව සම්බන්ධයෙන් මා සතුව තිබුණු වැදගත් ලේඛන සියල්ල ඔවුන් පැහැර ගත්තා"යැයි රවින්ද්‍ර පැමිණිල්ලේ සඳහන් කර ඇත.

(dinamina)

Last modified on Friday, 10 April 2015 12:26

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us