වාර්තාව හිමිවී සතියකින් සමුගත් මිත්තණිය

Published in අනං මනං
Wednesday, 08 April 2015 11:17

ලෝකයේ දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයා වන 116 හැවිරිදි ඇමරිකානු ජාතික ගර්ට්රූඩ් වීවර් නැමති කාන්තාව මිය ගොස් තිබේ.

නිව්මෝනියා රෝගයෙන් ඇති වුණු සංකූලතාවයක් හේතුවෙන් වීවර් මහත්මිය මිය ගිය බව ඇය නවාතැන් ගෙන සිටි කැමඩන්හි සිල්ව ඕක්ස් සෞඛ්‍ය හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

1898 වසරේ ජූලි 04 වැනි දින ඇමරිකාවේ, ටෙකස්ආර්කානාහිදී උපත ලද ඇය 1915 දී විවාහ දිවියට පා තබා ඇත.

දරුවන් 04 දෙනෙකුගේ මවක් වන ඇයගේ ස්වාමි පුරුෂයා 1969 වසරේදී මිය ගිය බව සඳහන් වේ.

නිතරම සම තෙත් කිරීමේ ආලේප ගැල්වීම, සියලු දෙනාට හොඳින් සැලකීම, අසල්වැසියන්ට ආදරය කිරීම, තමා විසින්ම සකසා ගත් ආහාර අනුභව කිරීම හා ක්ෂණික ආහාර නොගැනීම දීර්ඝායුෂ විඳීමේ රහස බව ඇය පසුගිය මාසයේදී රූපවාහිනී සාකච්ඡාවකදී පවසා තිබේ.

ඉතා විනෝදකාමී හා පි‍්‍රයජනක කාන්තාවක් වුණු වීවර් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ඡන්ද දායිකාවකි.

ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණු වීවර්ගේ මීළඟ උපන් දින සාදයට ජනපති ඔබාමාගේ පැමිණීම පිළිබඳ ඇය මහත් බලාපොරොත්තුවෙන් සිටියාය.

වීවර් සිය ජීවිතයේ අවසන් කාලයේදී රැකවරණය ලබා ඇත්තේ ඇයගේ 94 හැවිරිදි ජෝ නම් පුත‍්‍රයාගෙනි.

වීවර් ඊයේ උදෑසන ජීවිතයෙන් සමු ගන්නා විට "ලෝකයේ වයස්ගතම පුද්ගලයා" ලෙස පටබැඳි නාමය ලබා ගෙවී ගොස් ඇත්තේ දින 05ක් පමණි.

පසුගිය සතියේදී ඇයට පෙර එම ස්ථානය හිමි කරගෙන සිටි 117 හැවිරිදි ජපන් ජාතික මිසාඕ ඔසාකා මිය යාමෙන් පසු ගර්ට්රූඩ් වීවර්ට එම ස්ථානය හිමි වී තිබුණි.

ලෝක වෘද්ධ විද්‍යා සමීක්ෂණ සංගමය පවසන පරිදි මීළඟට ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඇමරිකානු ජාතික 115 හැවිරිදි ජෙරලින් ටැලී නම් කාන්තාවයි. 

(rivira)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us