තාමත් ට්විටර් ගිණුමක් නැද්ද මේක කියවලා බලන්න......

Published in අනං මනං
Saturday, 28 February 2015 11:45

ෆේස් බුක් තරම්ම නැතත් ට්වීටර් ද ජනප්‍රිය සමාජ ජාලයකි. ට්වීටර් තිබෙන්නේ හිතට එන අදහස් ප්‍රකාශ කිරීමට ය. ඒ අතින් ෆේස් බුක් සහ ට්වීටර් නිවුන්නු තරමට සමාන ය. එහෙත් ට්වීටර් වඩාත් සංක්ෂිප්තය. එහි ඇති විශේෂත්වය වන්නේ තමන්ගේ අදහස හැකිතාක් සංක්ෂිප්තව ප්‍රකාශ කළ යුතු වීමය. ට්වීටර් පණිවිඩයක අඩංගු විය යුතු උපරිම අකුරු සංඛ්‍යාව 140කි. ලංකාවේ ද දැන් බොහෝ දෙනා ට්වීටර් හා සම්බන්ධව සිටිති. ට්වීටර් දේශීය කර ගනිමින් සිංහලෙන් පණිවිඩ යොමු කරති. සිංහල වුවද ඉංග්‍රීසි වුවද එක් පණිවිඩයකට යෙදිය හැක්කේ අකුරු 140ක් පමණි.

ට්වීටර් යන මේ මයික්‍රෝ බ්ලොගින් සේවාව ආරම්භ වන්නේ 2006 වසරේ දී ය. ඒ නිසා වයස අවුරුදු 09කි. ජැක් ඩෝසි සහ බ්ස් ස්ටෝන් ට්විටර් නිර්මාතෘ දෙපළය. අකුරු 140 ක් පුපුරුවමින් ට්විටර් බිත්තිය මත ලියන පණිවුඩය ට්විට් නමින් හඳුන්වයි. ඡායාරූප සහ සබැඳි මේ සමඟ යෙදිය හැකි අතර ඒවා ප්‍රසිද්ධ කිරීම පොදු හෝ පෞද්ගලික යන දෙවර්ගයට යටත්ව කළ හැකිය.

ට්විටරය සම්බන්ධයෙන් ඒ හා වැඩුණු ඊටම අනන්‍ය උප භාෂාවක්ද පවතී. ට්විටර් ගිණුම දරන්නාගේ ඡායාරූපය ‘ඩීපී’ ඩිස්ප්ලේ පික්චර් ලෙස ද ට්විටර් ගිණුමේ සඳහන් ඔබේ නම් ‘හැන්ඩ්ලර්’ නමින් ද හඳුන්වයි. එකී නම ඉදිරිපිට ඇත්තේ ප්‍රකට @ සළකුණය. මේ උප භාෂාවේ තරම කොතරම් ද කිවහොත් අන්තර්ජාලය තුළ ඒ වෙනුවෙන් සැදුණු ට්විටර් ගැටපදවිවරණ පවා දක්නට ඇත. වඩාත් ප්‍රකට ‘හෑෂ්'( #) සළකුණයි. යම් වචනයක් හෝ කරුණක් එක ගොනුවක් සේ වෙන්කර පෙන්වීමට ‘හෑෂ්'සළකුණ යොදා ගනී. හෑෂ් සළකුණට පසුව යොදන වචනය අතර ඉඩක් නොතැබෙයි. යම් සෙවුමකදී මෙලෙස වෙනම ගොනු කළ වචන හෝ වාක්‍ය සොයා ගැනීම මෙමඟින් පහසු කරයි.

උදාහරණයක් ලෙස ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ හෑෂ් ටැගය දැක්විය හැකිය. එය #CWC15 නමින් සෙවුමක් කර පහසුවෙන් සොයා ගත හැකිය. ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ලොව පුරා විසිර සිටින ට්විටර් පරිශීලකයන් මුදා හැරිය ට්විට් එක ගොණුවක් යටතේ කියැවිය හැකිය. ඔබ ටිව්ටර් ගිණුමක් දරන්නෙක් නම් @cricketworldcup නම් පරිශීලක නාමය සෙවුමකින් ලබා ගෙන ඒ ගිණුම ලුහුබැඳිය හැකිය. අන් අයකුගේ ගිණුමක් ලුහුබැඳීම ‘ෆලෝ’ කිරීමකි. එසේ ලුහුබඳින්නන් ‘ෆලෝවර්ස්’ නමින් හඳුන්වයි. එකී ගිණුම් හිමියන්ට අවැසි නම් පමණක් ඔබේ ගිණුම ‘ෆලෝ’ කිරීමට හැකිය. ඔබට අනවශ්‍ය පීඩාවක් එක් කරන්නකු බව හැඟී ගියහොත් ඔබේ ගිණුම අවහිර (‘බ්ලොක්’) කිරීමට හැකිය.

ඔබේ ගිණුමෙන් ලුහුබඳින අය ‘ෆලෝවින්ග්’ ලෙස හඳුන්වයි. ට්විටර් ගිණුමේ ‘බයෝ’ ලෙස හඳුන්වන්නේ ඔබේ ජීව දත්තයි. වචන 160ට සීමා කර ඇති මේ ජීව දත්ත සටහන විවිධාකාරය. මේ @KawdaBoy ගේ බයෝව සටහන් වී ඇති ආකාරයයි.

Caution: Dangerously Hyper,Grievously Annoying and Never Serious.Dare to fallow.Interests:X-men,Wolverine,SLCricket,Barca,Ocean,Swimming,WaterPolo.එකිනෙකාගේ රුචි,අරුචිකම්,රැකියාව,වෘත්තිය ආදිය සටහන් කෙරෙන අතරතුර තරුණ,තරුණියන් තම බයෝව සටහන් කරන්නේ මේ අයුරිනි. ප්‍රකට පුද්ගල චරිත සහ රාජ්‍ය නායකයන් ඇසුරින් සොයා බැලූ විට ඔවුන්ගේ බයෝව මීට හාත්පසින්ම වෙනස්ය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ට්විටර් බයෝවේ සටහන්ව ඇත්තේ Prime Minister of India යනුවෙනි පමණි. එමෙන්ම ‘වෙරිෆයිඩ්’ ට්විටර් ගිණුම් සහ සාමාන්‍ය ගිණුම් ද පවතී. අනුමත කළ නොහෙත් ස්ථීර කළ ට්විටර් ගිණුමක් තිබීම නම්බුවකි,කීර්තියකි. එසේ අනුමත කළ ට්විටර් ගිණුමක් නිල් පාට රවුම් හැඩයක් ඇතුළත ඇති සුදු පැහැති ‘හරි’ සළකුණකින් සංකේතවත් වේ. ට්විටර් ගිණුමක් ‘වෙරිෆයිඩ්’ තත්ත්වයට පමුණුවා ගැනීම රාජ්‍ය නායකයකුට හෝ ප්‍රකට පුද්ගලයකුට හෝ පහසු කාර්යයක් මුත් එය සාමාන්‍ය ට්විටර් පරිශීලකයකුට නම් අති දුෂ්කර කාර්යයකි.

ගිණුමක් අක්‍රීය කිරීමට වුවමණා විට ‘ඩි ඇක්ටිවේට්’ ඔප්ෂනය භාවිත කළ හැකි අතර එසේ කර දින 30ක් ඇතුළත ඔබේ ගිණුම සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙයි. යළිත් එය සක්‍රීය කිරීමට අවශ්‍ය නම් දින 30 ඇතුළත ඇති සහන කාලය තුළ එය සිදු කළ හැකිය. ඔබේ පරිශීලක නාමය එවිට වෙනත් අයකුට ලබා ගත හැකිය.

‘ඩිරෙක්ට් මැසේජ්’ යනු පෞද්ගලික සංවාද කළ හැකි පරාසයකි. ඔබ විසින් ‘ෆලෝ’ කරන්නට යෙදුණ,පෙරලා ඔබව ‘ෆලෝ’ කරන අයට පමණක් ‘ඩිරෙක්ට් මැසේජ්’ හෙවත් ඩීඑම් යොමු කළ හැකිය. නමුත් අකුරු 140 සීමාව ඒ ලෙසමය. ඡායාරූප, අන්තර්ජාල සබැඳි, වීඩියෝ සහ හෑෂ් ටැග් මේ හරහා හුවමාරු කර ගත හැකිය.

‘ෆේවරිට්’ යනු අන්‍යයකු මුදා හළ ට්විටයක් තමන් ප්‍රිය කරන බව හැඟවීම පිණිස යොදා ගන්නා තරු සළකුණයි. යම් හෙයකින් මීට පෙර ඔබ ප්‍රිය කළ සියලුම ට්වීට් සොයා ගැනීමට වුවමණාවක් පවතී නම් ප්‍රොෆයිලයේ ඇති ෆේවරිට්ස් මෙනුවෙන් ඒ සොයා ගත හැකිය.

‘ෆලෝ’ බොත්තම ඇත්තේ සෑම ගිණුමකම දකුණු අත පැත්තේ නිල් කො‍ටුවක් ලෙසය. ට්විටර් ගිණුම්ගත ඕනෑම අයකු ලුහුබැඳීමට,පසුපස ඇදී යාමට මේ නිල් බොත්තම අවකාශ සපයයි.

‘ජියෝලොකේෂන්’ යනු ඔබ කොතැනක සිටීද යන්න හැඟවීමට භාවිත කළ හැකි උපක්‍රමයකි. සත්‍ය මොහොතේ ඔබ සිටින තැන අන්‍යයන් හට දැන්වීමට ‘ට්වීට් විත් යුවර් ලොකේෂන්’ ටැබය භාවිත කළ හැකිය. එමඟින් අන්තර්ජාලයට මුළුමනින්ම ඔබව විවෘත වන අතර මේ මොහොතේ ඔබේ ජංගම දුරකතනය අතැතිව හෝ ස්ථාවර පරිගණකගතව හෝ ඔබ සිටින තැන ඕනෑම අයකුට දැනගත හැකිය. බොහෝ විට පෞද්ගලිකත්වයේ සීමා අප නොදැනුවත්වම අපෙන් උදුරා ගැනීමට මෙවන් ආකර්ශණීය තාක්ෂණික උපක්‍රමවලට හැකියාවක් පවතින බව නොකියාම බැරිය.

නිතර ට්විටර් ගිණුම් ‘හැක්’ වේ. අනවසර පුද්ගලයන් ඔබේ ගිණුමට ඇතුළු වී එහි අයිතිය පවරා ගැනීම ‘හැකින්ග්’ නම් වේ. යම් මොහොතක ගිණුමක් අන්සතු වී ඇත්නම් සහන සේවාගත උපකාර ට්විටරය තුළ ඇත. මේ අවස්ථාව ‘කම්ප්‍රොමයිස්’ වීමක් ලෙස ද වහරයි. එමෙන්ම මේ තත්ත්වය සුලබ බවද කිව යුතුය.

‘හෑෂ්ෆ්ලෑග්ස්’ යනු වැඩිපුර අවධානයක් දිනා නොගත් තවත් සලකුණකි. හෑෂ් සළකුණට පසුව ඉඩක් නොතබමින් එක ළඟ යොදන මෙය බොහෝ විට ජාතික කොඩියකි. ලෝක පාපන්දු කුසලාන තරඟ,සහ ලෝක ක්‍රිකට් කුසලාන,ඔලිම්පික් තරඟ අවස්ථාවල මේ හෑෂ්ෆ්ලෑග් බහුලව යොදා ගනු ලැබිණ. ‘හෙඩර් ෆොටෝ’ යනු ඔබේ ප්‍රොෆයිලයේ දිගු පින්තූරයක් යෙදීමට ලබා දී ඇති අවකාශයයි. ‘හෝම්’ යනු සත්‍ය මොහොතේ ට්විට් ගලා යන අවකාශයයි. ‘ඉම්පර්සනේෂන්’ යනු වෙනත් අයකු වෙනුවෙන් ව්‍යාජයෙන් පෙනී සිටීමයි. ට්විටරයට අදාල නීති-රීති මත එකී ගිණුම අක්‍රීය කළ හැකිය. එනමුත් වත්මන වන විට මෙවන් ව්‍යාජ ගිණුම් අප්‍රමාණයකි. ප්‍රකට පුද්ගලයන් වෙනුවෙන්,රාජ්‍ය නායකයන් වෙනුවෙන් පවා මෙවන් ගිණුම් රාශියක් ට්විටරය තුළ සැරිසරයි. එහි අනර්ථය අප්‍රමාණ මුත් සයිබර් නීතිය පමණක් මේවා නැවත්වීමට ශක්තිමත් නොවේ.

‘මෙන්ෂන්’ යනු ට්විටරය තුළ ප්‍රකටම වදනකි. තවත් පරිශීලකයකු උපුටා දැක්වීම මෙමඟින් සිදු කෙරෙයි. එය @ සළකුණ සමඟ යෙදෙයි. එක් අයකුට හෝ කිහිප දෙනකුට ප්‍රසිද්ධියේ යමක් පැවසීමට වුවමනා විට මෙන්ෂන් කිරීමක් සිදු වේ. මෙවැනි මෙන්ෂන් හරහා සංවාද වැල් බිහි වේ. එකිනෙකාට තමන් කැමති ඕනෑම අයකු මේ මෙන්ෂන් කිරීම මඟින් සංවාදයට යොදා ගත හැකිය. සංවාදශීලී මාතෘකා පැන නඟින සෑම විටකම මෙන්ෂන් හරහා එය යටයා නොදී මතුකර තබා ගැනීමට හැකිය. පසුගිය කාලයේ ශ්‍රී ලාංකීය දේශපාලන කාරණා සංවාදගත වූයේද මේ අප්‍රමාණ මෙන්ෂන් හරහාය. පුද්ගලයන් සහ කණ්ඩායම් තම අදහස් හා විරෝධය දැක්වීමට ට්විටරය යොදා ගනු ලැබීය. අකුරු 140ක් ඇතුළත සබැඳි සහ රූප භාවිත කරමින් දිගු සංවාද කරා අනෙක් අය යොමු කිරීම තරමක් මවිතය පල කරන සුළු සිදුවීමකි.

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාම සක්‍රීය ට්විටර් ගිණුම් පවත්වාගෙන යාම, ට්විටර් ප්‍රශ්නවාර ලබා දීම ආදිය හේතුවෙන් දැඩි උනන්දු සහගත වාතාවරණයක් ට්විටර් මෙන්ෂන් සහ හෑෂ් සළකුණු පෙරට කරගෙන ඇති විය.

ට්විටරයේ වඩාත් ආකර්ශණීය අංගය වූ මොබයිල් වෙබ් දිගුව ගැන බොහෝ දේ කිව යුතුය. ස්ථාවර පරිගණක සහ ලැප්ෙටාප් ආශ්‍රයෙන් ට්විටරය භාවිත කරන්නන් ප්‍රමාණයට සාපේක්ෂව ජංගම දුරකතන හරහා පාවිච්චි කරන්නන් ප්‍රමාණය ඉහළය. ඇපල් දුරකතන මාදිලිය, ඇන්ෙඩ්‍රායිඩ්, වින්ඩෝස් ආදී සියල්ලම වෙනුවෙන් වෙන්, වෙන් වශයෙන් ට්විටර් ඇප් ඇති හෙයින් එය බාගත කරගෙන දුරකතනයේ පිහි‍ටුවා ගැනීම සුළු වූත් සරල වූත් කාරණයකි.

සැන් ෆ්‍රැස්න්සිකෝවේ මවු ශාඛාව පිහිටා ඇති ට්විටර් සමාගමේ උප ශාඛා 25ක් ලොව පුරා පිහි‍ටුවා ඇත. එහි දැනට සේවකයන් 3600කි. ප්‍රකට වෙබ් ශ්‍රේණිගත කිරීමේ ඇලක්සා වෙබ් අඩවියට අනුව ට්විටර්ය ඇත්තේ අංක 08 ය. තවමත් පළමු වැන්නා ගූගල්ය. දෙවැන්නා ෆේස්බුක්ය.

මයික්‍රෝ බ්ලොගින් සේවාවක් වූ ට්විටරයේ ලාංකීය භාවිතය වෙනමම කතා කළ හැකි තරම් පැතිරුණු මාතෘකාවකි. එහෙත් කිව යුතු යමක් ඇත. ඒ සිංහලෙන් ට්වීට් කිරීම පටන් ගැනීමත් සමඟ ට්වීටරයට තරුණ පරිශීලකයන් විසින් අපූරු ලාංකීය හැඩයක් සහ පැහැයක් ලබා දී ඇති බවය.

- කාංචනා අමිලානි

silumina

Last modified on Sunday, 01 March 2015 09:14

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us