ගංගා වෙනුවෙන් මෝදිගේ ඇඳුම වෙන්දේසියේ

Published in අනං මනං
Friday, 20 February 2015 10:34

ඉන්දීය අගමැති මෝදිගේ ආන්දෝලනයට තුඩු දුන් වටිනා ඇඳුම ඉන්දියානු රුපියල් ලක්ෂ 120ට ලංසු තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ දින තුනක් පුරා ඉන්දියාවේ පැවැත්වෙන වෙන්දේසියක දී ය.

ඇගමැති මෝදි ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා හමුවූ අවස්ථාවේ දී මේ විශේෂිත ඇඳුම ඇඳ සිටියේය. එම ඇඳුමේ පැවති විශේෂත්වය වුවේ මෝදිගේ නම ‘‘නරේන්ද්‍ර දමෝදාර්දාස් මෝදි“ යනුවෙන් සිහින් අකුරු සහිත මෝස්තරයක් එම ඇඳුම පුරා දක්නට ලැබීමයි.

අගමැතිවරයාගේ මේ ඇඳුම ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා බව පවසමින් විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල විය.

එම ඇඳුම වෙන්දේසියට ඉදිරිපත් කිරීමෙන් පසු ලැබෙන සම්පූර්ණ මුදල ඉන්දියාවේ ගංගා නම් නදිය අවට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියකට යොදවන බව අගමැතිවරයා පවසයි. ඒ ව්‍යාපෘතිය අගමැතිවරයා විසින් ආරම්භකළ ව්‍යාපෘතියක් වන අතර ව්‍යාපෘතිය අවසන් වීමට වසර තුනක කාලයක් යන බව ද ඉන්දීය රජය පවසයි.

වෙන්දේසියේ දී ඇඳුමට ලංසු තබා ඇත්තේ රාජේෂ් ජුනේජා (57) නමැති කෝටිපති රෙදිපිළි ව්‍යාපාරිකයකි. මෝදිට දැඩි සේ ගරුකරණ පුද්ගලයක් වන ඔහු පවසන්නේ තමන් මේ ඇඳුම ලබාගැනීමෙන් පසු තම වෙළඳ සැලේ තබා ඇති මෝදිගේ පිළිරුව ඉදිරිපිට ඒ ඇඳුම ප්‍රදර්ශනය කරණ බවයි.

modi1

(ලංකාදීප ඇසුරිණි)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us