ඇපල් සමාගමෙන් ස්වයංක්‍රීය මෝටර් රථයක්

Published in අනං මනං
Monday, 16 February 2015 10:40

විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ස්වයංක්‍රීය මෝටර් රථයක් නිපදවීමට තාක්ෂණික පතාක යෝධයෙක් වන ඇපල් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මෝටර් රථ සැපයුම්කරුවන් සමඟ සමාගම සාකච්ඡා පවත්වමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

දුරකතන , පරිගණක, ඔ‍රලෝසු නිෂ්පාදක කැලිෆෝනියාවේ කූපටිනෝ සමාගම පවසන්නේ සම්පූර්ණ ‍මෝටර් රථයක් නිපද වීමේ හැකියාව දැන් සොයා බලමින් සිටින බවයි. ඔවුන්ගේ කටයුතු මෝටර් රථ මෘදුකාංග හෝ උපාංග සැලසුම් කිරීමට සීමා නොකරන බවත් සඳහන් කර තිබේ.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසා ඇත්තේ මෝටර් වාහන කොටස් සහ නිෂ්පාදන ක්‍රමපිළිබඳව උපදෙස් ලබා ගන්නා බවයි. එහිදි විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන සහ ඊට සම්බන්ධිත තාක්ෂණය පිළිබඳවත් ස්වයංක්‍රීය විදුලි මෝටර් වාහන නිෂ්පාදනය කෙරේත් විශේෂ අවධානයක යොමු කරන බවත් පවසා තිබේ.

එය විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක් හෝ ඊටත් වඩා පරිණාමය වූ ස්වයංක්‍රීය වාහනයක් විය හැකි බවත් ආරංචි මාර්ග පවසයි. ඇපල් සන්නාමය යටතේ විදුලියෙන් ක්‍රියාකරන මෝටර් වාහනයක් නිෂ්පාදනය කිරීමට රහසිගත විද්‍යාගාරයක්ද පිහිටුවා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us