ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරඟයේ ජයග්‍රාහී ඡායාරූප

Published in අනං මනං
Friday, 13 February 2015 12:45

ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරඟයේ  ජයග්‍රාහකයින් පසුගියදා නම් කරනු ලැබුවා. මේ ඡායාරූප තරඟය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ  ලෝකයේ සමාජ දේශපාලනික, සංස්කෘතික, ක්‍රීඩා, පරිසර හා සංවේදී සිදුවීම්වලට අදාළ ඡායාරූපයි.

රටවල් 131 ක තරඟකරුවන්ගේ ඡායාරූප 97000ක් අතරින් ජයග්‍රහණය හිමිව ඇත්තේ Mads Nissen ඉදරිපත් කළ රුසියාවේ සමලිංගික යුවළක් නිරූපනය වන ඡායාරූපයටයි. විවිධ ඉසව් යටතේ ජය ලැබූ ඡායාරූපය කිහිපයක් පහත දැක්වෙනවා.

media1

Jon and Alex by Danish photographer Mads Nissen - රුසියාවේ සමලිංගික යුවළක්

media2

Ebola-stricken man in Freetown by Pete Muller - සියිරා ලියොන්හි පිහිටි එබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින්  පැනයාමට උත්සහා ගත් රෝගියෙක්. මෙම රෝගියා ඡායාරූපය රැගෙන ටික වේලාවකින් මිය ගොස් ඇත.

media4

Istanbul Protest by  Bulent Kilic - පසුගිය වසරේ තුර්කියේ පැවැති  විරෝධතාවයේදී  පොලිසිය හා විරෝධතාකරුවන් ගැටුණු අවස්ථාවේ විරෝධතාවයට එක්ව තුවාල  ලැබූ  තරුණ කාන්තාවක්

media3

Operation Mare Nostrum by Massimo Sestini - ඉතාලි නාවික හමුදාව විසින් මුදා ගත් සරණාගතයින් පිරිසක්

media5

Act of Forgiveness by  Arash Khamooshi - ඉරානයේදී  තම පුතුගේ මිනීමැරුමට වරදකරුවූ පුද්ගලයාට  පහරදෙන මවක්. දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත අවස්ථාවේ මෙම කාන්තාව විසින් ඉරාන නීතියට  අනුව මෙම පුද්ගලයාට සමාව දෙන ලදී.

media6

Monkey Training for a Circus by Yongzhi Chu - චීනයේ සර්කස් සඳහා පුහුණු කරණු ලබන රිලවෙක්

media7

Kitchen Table by Sergei Ilnitsky - පසුගිය වසරේ සිට  යුක්රේනයේ පවතින ගැටුම් හේතුවෙන් නිවසකට එල්ල වූ ප්‍රහාරයකින් පසු නිවසේ  මුළුතැන්ගෙයි  මේසය ලෙයින් නැහැවී ඇති ආකාරය.

media8

Air Strike on IS Militants by  Bulent Kilic - සිරියානු සහ තුර්කිය අතර දේශ සීමා ප්‍රදේශයට IS ත්‍රස්තයන් විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම.

media9

The Final Game by  Bao Tailiang -  පසුගිය වසරේ බ්‍රසීලයේ පැවති ලෝක පාපන්දු තරඟාවලියේ අවසන් තරඟවටයෙන් පසු පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පාපන්දු කුසලානය දෙස බලා සිටින අවස්ථාවක්.

media10

Laurinda by Raphaella Rosella - නිව් සවුත් වේල්සයේ බසයක් එනතුරු රැඳී සිටින කුඩා ගැහැණු දරුවෙක්

media11

Mass Abduction in Nigeria by Glenna Gordon - බෝකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් පාසල් දරුවන්ගේ පාසල් නිල ඇඳුම්

media12

Christmas Factory by Rongjui Chen - චීනයේ නත්තල් සැරසිලි නිෂ්පාදන කම්හලක වැඩ කරන කම්කරුවෙක්

media15

Orphan Brothers by  Åsa Sjöström - අනාථ නිවසක ඇති දැඩි වන සොහොයුරන් දෙදෙනෙක් තම උපන්දිනයට ලැබුණු චොකලට් එක සමඟ

media16

Final Fight for Maidan by Jerome Sessini - යුක්රේනයේ කිවි නගරයේ චතුරශ්‍රය අවට රැස්ව සිටි විරෝධතාකරුවන්ට ආශීර්වාද කරනා දේවගැතිවරයෙක්

media17

Orphaned Rhino by Ami Vitale - උතුරු කෙන්යාවේ පිරිසක් රයිනෝ සතෙකුට සත්කාර කරන ආකාරය

media18

Blue Sky Days by Thomas Van Houtryve - කැලිෆෝනියාවේ පාසලක්  උඩු ගුවනේ සිට

media19

Mindsuckers by Anand Varma - දිලීර පතුරුවන කූඹියෙක්

media20

The Beckham Catch by  Al Bello - ක්‍රීඩා අංශයේ දෙවැනි ස්ථානයට දිනාගත් ඡායාරූපය

media21

Cadets by Paolo Verzone - තරුණ කැඩෙට් නිලධාරිනියක්

Last modified on Friday, 13 February 2015 12:49

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us