ව්‍යාපාර බලා කියාගෙන නිදහසේ ඉන්නයි මං කැමැති -සේමිණි ඉද්දමල්ගොඩ

Published in අනං මනං
Sunday, 08 February 2015 10:20

සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රේක්ෂක හිතවතුන්ගේ ළබැඳි චරිතයක් ලෙසින් තහවුරු වූයේ රූපවාහිනි මාධ්‍යය ඔස්සේය. නිළියකට ඔබින ශෝභාමත් රූප සම්පත්තිය සේම රංගන දක්ෂතාව ද ඇතිව ක්ෂේත්‍රයට පැමිණි ඇය ඉතා කෙටි කලකදී මෙරට ප්‍රේක්ෂකයන් පිනවීමේ ප්‍රබලතම තැනැත්තියක් බවට පත්වූවාය. රංගන ශිල්පිනියක ලෙසින් තමන්ට ලැබෙන විවිධ චරිත නිරූපණයේදී රූපණවේදයේ ඉහළ කුසලතා පළ කළ ශිල්පිනියක් ලෙස ඇගේ මාවත අද තෝරා බේරා ගැනීමකින් යුක්තව නිර්මාණය කර ගත්තාය.

තමා සතු නිසඟ කුසලතාව ප්‍රකට කිරීමේ අවස්ථා දෙකක් පසුගිය කාලයේදී සිනමාවෙන් තමාට හිමි වූ බව ඇය පවසන්නීය. බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටින එම සිනමා නිර්මාණ දෙක පිළිබඳත් ඇගේ රංගන දිවියේ සහ පෞද්ගලික දිවියේ තොරතුරුත් කතා කරන්නට පසුගිය දිනක අප ඇය හමුවුණා.

සේමිණි මේ දවස්වල චිත්‍රපට දෙකකින් දකිනවා. ඒ ‘කෝ මාර්ක් නෝ මාර්ක්’ සහ ‘අපි මැරෙන්නේ නෑ’ යන චිත්‍රපටවලින්. මේ දෙකෙන්ම ඔබ හමුවන්නේ කිසියම් ප්‍රහසනාත්මක ලක්ෂණත් එක්ක.

ඇත්තටම ප්‍රහසනාත්මක චරිත රංගනයක් මම කරපු පළමු අවස්ථාව මේක නොවෙයි. පුංචි තිරයේ ‘යර්ස් බොස්’ වගේ ප්‍රහසන ටෙලි නාට්‍යයකට මට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක බලනකොට මේක අලුත් දෙයක් නොවෙයි. නමුත් මේ චිත්‍රපට දෙකේ චරිත දෙ‍ෙක්ම තිබෙන වැදගත් ලක්ෂණය වෙන්නේ ප්‍රහසනය මතු කරන්නේ දෙබස්වලින් නොවීමය. මේ චරිතය මුහුණ දීමට සිදුවන සිද්ධි සමඟ අපි ප්‍රකට කළ යුතු හැඟීම් මුහුණේ ඉරියව් මාර්ගයෙන් තමයි ඒ හාස්‍යය මතුවෙලා තිබෙන්නේ. ‘යර්ස් බොස්’ හුරුවත් තිබුණු නිසා චරිත නිරූපණයේදී ලොකු අමාරුවක් වුණේ නෑ.

ඔබ පුංචි තිරයෙන් පැමිණි නිළියක්. නමුත් දැන් දැන් හිතෙනවා ඔබේ අනාගතය සිනමාවට බර වෙනව නේද කියලා.

ඇත්තටම මං පුංචි තිරයෙන් ආව කියන එක කවදාවත් අමතක කරන්නේ නෑ. නමුත් මගේ වැඩි කැමැත්ත සිනමාවට තමයි. පසුගිය කාලයේ ඒ තුළ මට වැඩි යමක් කිරිමේ ඉඩක් නොලැබුණු එක ඇත්ත. නමුත් ඉදිරියේ දී තිරගත වීමට නියමිත චිත්‍රපට දෙකක් වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මට හිතෙනවා මගේ රංගන ජීවිතයේ කඩඉමක් වෙයි කියලා මේ චිත්‍රපට දෙක.

මොනව ද ඒ චිත්‍රපට දෙක?

එකක් ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘සිනහව අතරින්’ චිත්‍රපටය. මම හිතන්නේ ඉස්සරලම තිරගත වෙනවා ඇත්තේ ඒ චිත්‍රපටය. අනෙක් චිත්‍රපටය ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ “28” චිත්‍රපටය. මේ චිත්‍රපට දෙකේ මම රඟපාන්නේ දෙවිදියක චරිත දෙකක්.

අපි ‘සිනහව අතරින්’ චිත්‍රපටය ගැන කතා කළොත් මොනව ද ඔබට දැනෙන්නෙ.

මේ චිත්‍රපටය ගොඩනැ‍ඟෙන්නේ ප්‍රධාන වශයෙන් චරිත තුනක් වටා. චිත්‍රපටයේ චරිත හැටියට ගත්තොත් ඒ කුමාරි ක්‍රිස් හා විමල් වටා. චිත්‍රපටයට මාව තෝරගෙන තිර පිටපත කියවමින් ඉන්නකොට මට ගැටලු කීපයක් මතු වුණා. අධ්‍යක්ෂවරයා මට මේ චරිතය ගැන කියලා දිග ලියුමක් එවලා තිබුණා. ඒකේ තිබුණේ මේ චරිතය කොහොම එකක් ද? ඊට අනුගත විය යුත්තේ කොහොම ද? චිත්‍රපටයේ දින වකවානු ආදිය පිළිබඳ. ලියුම දැක්කම මට හිතුණා මට හොඳ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මගේ හිතට ආව එක දෙයක් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත්, ප්‍රධාන නළුවෙක් වන නිසා මගේ සහ ක්‍රිස් ගේ චරිතය ඉස්මතු වන ආකාරයෙන් මේක කරයි ද කියන සිතුවිල්ල. චිත්‍රපටය රූගත කරන්න කලින් සාකච්ඡා වට කීපයක් තියලා methodical විදියට කරන්න පටන් ගත්තේ. ෂූටිංවලට ආවට පස්සේ මට තේරුණා මේ චිත්‍රපටයේ චරිත තුනටම ඔහු එක වගේ ප්‍රමුඛත්වයක් දෙන බව.

අධ්‍යක්ෂවරයෙක් විදියට ඔහු හොඳින් තේරුම් අරගෙන හිටියා අපි තුන්දෙනාගේ සාර්ථකත්වය තමයි චිත්‍රපටයේ සාර්ථකත්වය කියන එක. මගේ නිරූපණය ඒ වෙනුවෙන් සකසා ගැනීමට ඔහු විවිධ උපක්‍රම පාවිච්චි කළා. චිත්‍රපටයේ අප දෙදෙනා ආදරයෙන් සිටින දර්ශන රූගත කරන දිනවල ඔහු ඉතාම සුහදව මාත් සමඟ කටයුතු කරනවා. විහිළු තහළු කරනවා. අපි එක මේසේ ඉඳගෙන කෑම කනවා. සමහර දවසට ඔහුගේ ප්‍රතිචාරය හරිම අමුතුයි. වැඩිය කතා නෑ. එකට කෑම කන්න එන්නෙත් නෑ. මේක මට හරිම අමුතු දෙයක්. මම තනියම හිතනවා මොන පිස්සුවක් ද මේ කියලා. පස්සේ තමයි මට තේරෙන්න ගත්තේ ඔහු ඒ කටයුතු කළේ එදා දවසේ රූගත කිරීමට නියමිත දර්ශනවලට අනුගත හැසිරීමක් කියලා. අපි දෙදෙනා රණ්ඩු වන, අමනාපයෙන්, නුරුස්සා ස්වරූපයෙන් ඉන්න දර්ශන ගන්න දවසට තමයි ඔහු අර විදියේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ.

මේක කොයි වගේ ප්‍රේමයක් ද? අසම්මත ප්‍රේමයක් ද?

අසම්මත ප්‍රේමයක් විදියට ඒක හඳුන්වනවට මම කොහෙත්ම කැමැති නෑ. මේ චරිත තුන වටා සිදුවන සිදුවීම් ඔවුන් මුහුණ දෙන අත්දැකීම් 80% ක් පමණම අප අතර සිද්ධ වෙන්න පුළුවන් දේවල්. මේක බලන ඕනම කෙනකුට හිතේවි අනේ මං ගැන නේද මේ කියන්නේ කියලා. මටත් මෙවැනිම අත්දැකීමකට මුහුණ දෙන්න වුණා නේද කියලා හිතේවි. ඇත්තටම කිවුවොත් මේක තමන්ට තමන්ව දැනෙන චිත්‍රපටයක්.

රඟපාද්දී ඔබටත් ඒ දේ දැනුණා ද?

ඔව්. මට හිතුණා මටත් මේ වගේ අත්දැකීම් තිබෙනව නේද කියලා. මං හිතන්නේ සනත් අයියට ඒ වගේ අත්දැකීම් ඇති, ක්‍රිස්ටත් ඇති. ඒ නිසා මට හිතෙනවා මේක හැමෝටම දැනෙන හැමෝම නැරැඹිය යුතු චිත්‍රපටයක් කියලා.

එතකොට ප්‍රසන්න ජයකොඩිගේ 28...?

මේ චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන රැසක් මේ වන විටත් ලබාගත්ත චිත්‍රපටයක්. චිත්‍රපටයේ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වුණේ නෙදර්ලන්තයේ රොටඩෑම්වල. මම ඒකට සහභාගි වුණා. මේ චිත්‍රපටය නරඹන්න ඇතුළුට එන විට ප්‍රතිචාර දක්වන්න පුංචි කඩදාසියක් දුන්නා. නරඹලා ඉවර වෙලා ඒක ප්‍රතිචාර සලකුණු කරලා පුංචි පෙට්ටියකට දමන්න ඔවුන් ලෑස්ති කරලා තිබුණා. ‘exellent’ කියලා ප්‍රතිචාර දක්වපු වැඩිම පිරිසක් හිටියේ මේ චිත්‍රපටයට.

මේ චිත්‍රපටයේ ඔබ කවුද?

මම ‘මළමිනියක්'. ඒක හරි අමුතු කතාවක්. ජීවත්ව ඉන්න ගැහැනියකට කතා කරගන්න බැරි දේවල්, ප්‍රකාශ කරගන්න බැරි හැඟීම් මේ මළමිනිය සංකේතවත් කරමින් සිදු වෙනවා. මේ අපි අපේ ජිවිත ඇතුළේ කොපමණ හිර වෙලා ද ඉන්නේ කියලා හිතෙනවා. චිත්‍රපටයේ මගේ සැමියා විදියට රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා.

ඇයි ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් දුරස් වෙන්නෙ?

අවුරුදු හතරකින් මම ටෙලි නාට්‍යයක රඟපාලා නෑ. ඒ කාලේ රඟපාපු ‘දමයන්ති’ කියන ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. දැන් ඒක ‘දිරිය දෝනි’ කියලා නම වෙනස් කරලා. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ඇන්ඩෲ ජයමාන්න සහ දීප්ති විජේතුංග. දැනුත් මට ටෙලි නාට්‍යවලට කතා කරනවා. සමහර ඒවා බලද්දී තිර පිටපතේ ගත යුත්තක් නෑ. ඒක අමතක කරලා මුදල් ගැන හිතල ගාණක් කිව්වම ඒකටත් අදිමදි කරනවා. මට වැඩක් කරන්න පුළුවන් චරිතයක් නම් මට ලැබෙන මුදල ගැන හිතන්නෙත් නෑ දැන් මගේ ව්‍යාපාර කටයුතු බලා කියාගෙන නිදහසේ ඉන්න තමයි කැමැති. මට යමක් කළ හැකි හොඳ චරිතයක් ලැබුණොත් මම ටෙලි නාට්‍යය නොකර ඉන්නේ නෑ.

සිනමාවේදී ‘යකඩ පිහාටු’ චිත්‍රපටයෙන් පසු ඔබට හිමි වූ ඉඩකඩ සීමිතයි නේද?

ඔව්. සිනමාවේ ඉස් ඉස්සරලම කිසියම් සලකුණක් මට සටහන් කරන්න පුළුවන් වුණේ ඒ චිත්‍රපටයේ. ඉන්පසු මම චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායකත්වය සැපයූවා. නමුත් ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සිනහව අතරින්’ සහ ‘28’ චිත්‍රපට දෙක මේ සියල්ලටම වඩා සුවිශේෂි වෙයි කියලා මට හිතෙනවා.

රංගන ක්ෂේත්‍රයේ ඔබ පූර්වාදර්ශ සපයා ගත් නිළියන් සිටිනවා ද?

මම රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට ආවේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ අනුදැනුම ඇතුව. ඇගේ සිනමා ගමන්මඟ දෙස මම බැලුවා. ඒ වගේම ස්වර්ණා මල්ලවාරච්චි වැනි රංගන ශිල්පිනියන් මට පූර්වාදර්ශ චරිත ලෙස සලකනවා.

පසුගිය කාලය ඇතුළත මේ රටේ කලා ශිල්පීන් දේශපාලනමය ක්‍රියාකාරකම් වෙත මැදිහත් වුණා. ඇත්තටම කලා කරුවන් දේශපාලනීකරණය වෙන එක හරි ද?

දේශපාලනමය වශයෙන් අපි හැමෝටම කිසියම් මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. නමුත් මට හිතෙනවා කලාකරුවෝ කිසියම් පක්ෂයක පාටකට වෙන්වී නියෝජනය නොකළ යුතුයි කියලා. අපි හැමෝම ජනතාව ආදරය කරන ජනතා නියෝජිතයෝ. අපි එක එක පාට පක්ෂ බදා ගත්තම ඒක ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක්. නමුත් පසුගිය දේශපාලනමය වාතාවරණය තුළ මට ලොකු බයක් දැනුණා. මේ විදියට ගියොත් අපේ රට කිසියම් ම්ලේච්ඡ තත්ත්වයකට ඇද වැටෙයි කියලා. අපේ රටේ නීතියක් තිබුණේ නෑ. විනයක් තිබුණේ නෑ.

එකිනෙකාට ගෞරව කිරීමක් තිබුණේ නෑ. මට හිතුණා අපේ දරුවන්ට ඉතිරි වෙන්නේ ම්ලේච්ඡ රටක් කියලා. මේ දේවල් එක්ක කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධිය ඇහුවම මට ලොකු කේන්තියක් ආවා. ඒ නිසා තමයි ඊට විරුද්ධව සාධාරණය ඉෂ්ට කරන්න කියන පණිවුඩය දුන්නේ. මගේ සැමියා පොලිස් නිලධාරියෙක්. මගේ ව්‍යාපාර ආරක්ෂක අංශයට සම්බන්ධ ව්‍යාපාර. මේ සියල්ල කෙරෙහි බලපෑමක් එයි කියන සිතුවිල්ල ඇතිව භයානක ගමනක් මම ගියේ. ඒ ප්‍රකාශයෙන් පස්සේ මට නොයෙක් තර්ජන ආවා. දුරකථන ඇමතුම් ආවා. මගේ සැමියාගේ කාර්යාලයට හිටපු ගමන් එස්. පී. ලා එස්. එස්. පී. ලා කඩාගෙන වැදුණා. පසුගිය files ඇදගෙන චෙක් කළා වැරැද්දක් අල්ලගන්න පුළුවන් ද බලන්න.

රංගනය, ව්‍යාපාර සමඟ පවුලේ සබඳතා ඔබ පවත්වාගෙන යන්නේ කොහොම ද?

මම රංගනයට ආපු දවසේ ඉඳන්ම හැකි සැම විටම ගෙදර හිටපු කෙනෙක්. එදා ඉඳන්ම මගේ පවුලට, ස්වාමියාට, දියණියට, ඥාතින්ට ඉටුවෙන්න ඕන යුතුකම් ගැන සොයා බලා ඉටුකරපු කෙනෙක්. ඒක ඒ විදියටම අදත් කෙරීගෙන යනවා. දියණිය කුමලී දැන් ලොකුයි එයා නිළියක් වෙනවට නම් මම කොහොමත් කැමැති නෑ. එයා හොඳට ඉගෙන ගන්නවා. ඒ කටයුතු ගැන මම සොයලා බලනවා. මම හිතන්නේ නෑ එයා කලාව පැත්තට යොමු වෙයි කියලත්. දැන් අපි විවාහ වෙලා අවුරුදු 20 ක් ගතවෙලා. අපි බොහොම නිදහසේ සාමකාමී පවුල් ජීවිතයක් ගෙනියනවා.

හේමාලි විජේරත්න

රසදුන

Last modified on Sunday, 08 February 2015 10:26

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us