පසුගියදා චීන රේගු නිළධාරීන් විසින් හොංකොං ගුවන් තොටුපොළේදී නවීන පන්නයේ ජංගම දුරකථන 94ක් තම සිරුර තුල සඟවාගෙන ගුවන් තොටුපලින් පිට කිරීමට උත්සහ ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා.
ඔහු තම සිරුර තුල සඟවාගෙන සිටි දුරකථන iPhone 6 හා iPhone 5S වර්ගයට අයත් ජංගම දුරකථන බව පැවසේ. වාර්තාවෙන ආකාරයට ඔහු මීට පෙරත් මේ ආකාරයටම ජංගම දුරකථන රැගෙන විත් තිබේ.
හොංකොං තුල මෙවැනි ආකාරයේ වංචාවන් සිදුවීමට හේතුව ලෙස සඳහන් වන්නේ එරට තුල නවීන ජංගම දුරකථන වෙත පවතින අධික ඉල්ලුම හා අධික මිලයි .
ඔක්තෝබර් මාසයේදී ඇපල් සමාගම iPhone 6 දුරකථනය හඳුන්වා දීමත් සමඟ එය මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණි.