ලංකාව සහ ඉන්දියාව අතර එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියක්

Published in ක්‍රීඩා
Monday, 27 October 2014 12:28
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා පිල හෙට (28) ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.
ඉන්දියාවේ සංචාරය කරනු ලබන ශ්‍රී ලංකා පිලට ජ්‍යෙෂඨ ක්‍රීඩකයන් වන රංගන හේරත් හා ලසිත් මාලිංග ඇතුළත්ව නොමැත.
 
එම තරග කාල සටහන ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය විසින් මේවන විට ප්‍රකාශයට පත් කර ඇත.
 
එහි පළමු එක්‌දින තරගය කට්‌ටැක්‌ ප්‍රාන්තයේ බාබටි ක්‍රීඩාංගණයේදී ලබන නොවැම්බර් මස 2 වැනිදා පැවැත්වේ.
 
එක්දින වරම් නොලද ලහිරු ගමගේ ශ්‍රී ලංකා පිලට එක්ව සිටින අතර ඔහු සමග වසර තුනකින් එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගි නොවූ සුරාජ් රන්දිව්ද එම කණ්ඩායමට නම්කර ඇත.
 
ඔවුන්ට අමතරව සීක්කුගේ ප්‍රසන්නටද ශ්‍රී ලංකා පිලේ ස්ථානයක් හිමිව ඇත.
 
තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග සිල්වා ශ්‍රී ලංකා පිලේ තුන්වැනි දඟපන්දු යවන්නා ලෙස කණ්ඩායමට එක්ව සිටී.
 
තරග කාල සටහන පහත දැක්ෙව්.
 
නොවැම්බර් 2 වැනිදා - පළමු එක්‌දින තරගය කට්‌ටැක්‌ හි බාබටි ක්‍රීඩාංගණයේදී
 
නොවැම්බර් 06 වැනිදා - දෙවැනි එක්‌දින තරගය අහමදාබාද් හී පිහිටි සර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී
 
නොවැම්බර් 9 වැනිදා - තෙවැනි එක්‌දින තරගය හයිද්‍රdබාද් හී පිහිටි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
 
නොවැම්බර් 13 වැනිදා - සිව්වැනි එක්‌දින තරගය කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී
 
නොවැම්බර් 14 වැනිදා - පස්‌වැනි එක්‌දින තරගය රන්චි හී පිහිටි ඡේ.එස්‌.සී.ඒ. ක්‍රීඩාංගණයේදී

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us