නිරුපන ශිල්පී ආර්චනා සිය දිවි නසා ගනී.

Published in අනං මනං
Wednesday, 01 October 2014 09:51

විලාසිතා නිරුපණ ලෝකයේ බොහෝ තරුණියන්ගේ ජීවිත ඇතුලාන්තය විලාසිතා නරඹන පේ‍්‍රක්‍ෂකයන් සිතන තරම් සුන්දර නොවන බව ලෝකයේ වරින් වර සිදුවන සිදුවීම් හේතුවෙන් අනාවරණය වේ.

ඉන්දියාවේ විලාසිතා නිරූපන ක්‍ෂෙත‍්‍රයේ නිරුපිකාවන් අතර සිටි ආර්චනා පාන්ඬේ කිසියම් හේතුවක් මත සිය දිවි නසාගෙන ඇති බව ඉන්දියා ටුඬේ වාර්ථා කර තිිබේ.

ඇය ජීවත්වූ Lokhandwala Andheri West මහල් නිවාසයේ අසල්වැසියන් විසින් ඇගේ නිවස අසලින් පැමිණි දුර්ඝන්ධයක් නිසා ඇයගේ නිවසේ සීනුව කිහිපවරක් නාද කරත් කිසිවකුගෙන් ප‍්‍රථිචාරයක් නොමැති නිසා පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසියෙන් පැමිණ ඇයගේ නිවසේ දොරකඩා බලන විට ඇය මිය ගොස් සිට ඇත.

ඇයගේ සිරුර සොයා ගැනීමට දින දෙකකට පමණ පෙර ඇය මරණයට පත්ව ඇති බවත් ආර්චනා සියදිවි නසාගෙන ඇති බවත් ඇය ලිපියක් ලියා තබා ඇති බවත් ඉන්දියා ටුඬේ පුවත්පත වාර්ථා කර තිබිණ.

ඉන්දියාවේ ඇති තරගකාරී ආර්ථිික පසුබිම තුළ මෙවැනි තරුණියන් විලාසිතා නිරුපණයට හෝ රංගනයට එකතුව ජනප‍්‍රිය වී මුදල් උපයා සුඛෝපභෝගී ජීවිත අපේක්‍ෂාවෙන් පැමිණ ධනවාදී ආර්ථිකයේ ගොදුරු බවට පත්ව විනාශ වී යති. මොවුනගේ ජීවිත අවසන නතරවන්නේ ලිංගික ශ‍්‍රමිකයන් ලෙසය.


ඛේදවාචකය වන්නේ මාධ්‍ය විසින් හුවා දක්වන ඉහළ සමාජය වෙත ගමන් කරන්නට රුමත් තරුණියන්ට ඇති එකම මාවත වන්නේ නිරුපණ ක්‍ෂෙත‍්‍රය රගපෑම ආදී ප‍්‍රධාන වෙළඳපොළය. මේ තුළට ඇතුල්වන තරුණියන් ව පහසුවෙන් ගොඳරු කරගැනීමට පිරිස් බලා සිිටින්නේ ඔවුන් ට විවිධ අවස්ථා ලබාදී අනතරුව ඔවුන්ව සිය වෙළඳාම වෙත යොමු කරගන්නටය.


බොලිවුඩයේ මෙවැනි සිදුවීම් අනන්තය. අප‍්‍රමානය. මේ නිසාම ආර්චනා ලා වැනි තරුණියන් අවසානයේ තම සමාජ පැවැත්ම නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය කරණ ආදායම නොලැබීමෙන් මානසික ආතතීන්වලට ලක්ව අවසානයේ ආපසු හැරෙන්නට නොහැකිවත්, ඉදිරියට යාගත නොහැකිවත් සිදුවන්නේ සිය දිවි නසා ගැනීමට පෙලඹීමය.

ආර්චනාගේ සිදුවීමේ දී අනෙක් පස සිටින්නේ ඇයගේ පෙම්වතාය. මෙවන් තරුණියන් පෙම්වතුන්ගේ බලපැම් හමුවේද මානසික පීඩාවන් ට ගොඳුරු වන්නේය. පසුගිය කලෙක ඉන්දියාවේ නිළියන් සහ නිරුපිකාවන් මරණයට පත්වූ අවස්ථා කිහිපයකම පිටුපස පෙම්වතුන්ගේ බලපැම් ඇති බව දකින්නට ලැබුණි.

ලංකාවේ සිනමා, ටෙලි ,නිරුපණ කෙක්‍ෂත‍්‍ර තුළ ඉන්දියාවේ තරම් ප‍්‍රබල තරගයක් නොවූ වද ලංකාවේ මේ ක්‍ෂෙත‍්‍රවල තරුණියන් සිය මානසික පීඩනයන් කිසියම් ආකාරයකින් දරාගෙන ජීවත්වන බවක් පෙනෙන්නට තිබේ. මෙවැනි සමාජ, සංස්කෘතික ,ආර්ථික ,දේශපාලන කාරණා රටක් සංවර්ධනය වනවිට ඇතිවිය හැකි අර්බූදයන්ය .

ලංකාව තුළ ඇතිවෙමින් පවතින විපර්යාස අතරට ලංකාවේ තරුණියන් ගොඳුරුවීමේ ප‍්‍රවනතාවද ඉදිරියේදී ඇතිවිය හැකිය. ලංකාවේ ද ආර්චනාලා සිය දිවි නසා ගැන්මට පෙළඹෙනු ඇත.

(infosrilankanews.com)

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us