හැබැයි මේ සියල්ලටම වැඩ වෙනස් විදියකට මළවුන් සමරන පිරිසක් ඉන්දුනීසියාවේ ජීවත්වේ. ඔවුන් හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙදි මලගිය තමන්ගේ ඥාති හිතවතුන් මිහිදන් කරල තියෙන සුසානයට ගොස් ඔවුන්ගේ සිරුරු ගොඩ අරගෙන නහවල පිරිසිදු කරල අලුත්ම ඇඳුම් අන්දවයි. ඔවුහු මියගිය කුඩා දරුවන්වන්ට ඇඳුම් විතරක් නෙවෙයි අලුත් සේලම් බඩු පවා ලබා දෙති.
මේ අපූරු චාරිත්‍රය සිදු කරන්නේ ඉන්දුනීසියාවේ ටොරාජා ගම්මානයේ වැසියන්ය.