ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත..!! Featured

Published in අනං මනං
Monday, 10 June 2024 16:24

-ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන-

අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය.

"ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි.

කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දැයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත.

මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බවට මම තේරුම් ගෙන සිටිමි.

ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කල හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කල නොහැක.

නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් අහිමි වූ විට නැවතත් කිසිඳු දිනෙක සොයා ගත නොහැකි දෙයක් ඇත - එය නමින් "ජීවිතයයි".

පුද්ගලයෙකු සැත්කම් මැදිරිය තුළට යන විට, ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේරුම් යනු ඇත - එය නමින් "නීරෝගීමත් ජීවන ක්‍රමයයි".

ජීවිතයේ කුමන අවධියක අපි දැන් සිටින්නේද, කාලයත් සමග ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ලඟා වනු ඇත.

ඔබේ පවුලට නොපමාව ප්‍රේමය කරන්න, ඔබේ කලත්‍රයාට නොපමාව ප්‍රේම කරන්න, ඔබේ මිතුරන්ට නොපමාව ප්‍රේම කරන්න...

කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලය බව අප හට අවබෝධ වනු ඇත.

පසුම්බිය ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද, එය ඇතුළත තිබෙනා මුදල් ප්‍රමාණය සමාන වේ.

තමා පදවන රථය ඩොලර් 150,000ක් හෝ ඩොලර් 30,00ක් වුවද, ඔබ ගමන් කරනා ගමනාන්තය වෙනස් නොවනු ඇත.

තමා ජීවත් වන නිවස වර්ග අඩි 300ක් හෝ 3000ක් වුවද, ඔබේ හුදෙකලාව වෙනස් නොවනු ඇත.

ඔබේ සැබෑ සන්තෘප්තිය, මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් මගින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත.

එසේනම්... ඔබත් සමග කතා කිරීමට, සිනහ වීමට හෝ ගී ගැයීමට යහළුවන්, සහෝදර සහෝදරියන් සිටීනම්, එය සැබෑ තුෂ්ටියක්ය..

ඔබේ දරුවන් හට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත.

ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනෙක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදු වනු ඇත.

ඔබ හට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම්, තනිව ඇවිදින්න.. ඔබට දිගු දුරක් ඇවිදීමට අවශ්‍ය නම්, එක්ව ඇවිදින්න...

ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මියයන විටද ඔබට ආදරය ලැබෙනු ඇත. එය අතර මැද තිබෙනා කාලය ඔබ කළමණාකරණය කරගන්න! ඔබගේ කර්තව්‍ය වන්නේ එයයි..."

- shandy gamage ගේ මුහුණු පොතෙනි. 

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ක්‍රීඩා

Connet With Us