හැමෝගෙම උපන්දිනය මතක් කරන Facebook හිමිකරුගේ උපන්දිනය අදයි

Published in අනං මනං
Tuesday, 14 May 2024 19:22

අපි එදිනෙදා ජීවිතයේ වැඩ කරලා මහන්සි උනාම අපේ කම්මැලිකම පාළුව අමතක කරගන්න අපි මුලින්ම යන්නෙත් Facebook එකට.

ඒ වගේම, සමහර අයගෙ ආර්ථිකය ස්ථාවර කරගන්නත් විශාල පිටුවහලක් වෙන ෆේස් බුක් එක හැම පැත්තෙන්ම උදව් කරන සමාජ ජාලයක් කියල කියන්න පුලුවන්.

අවිවේකී ජීවන රටාවත් එක්ක අපිට අපේ නැදැයන් දන්න කියන ලග අය වගේම අපේම හිත මිතුරන්ගෙ උපන්දින වගේ විශේෂ අවස්ථා මග ඇරෙන්න පුලුවන් නමුත්  මේ මාධ්‍ය හරහා අපිට පුලුවන් වෙනව ඒ දේවල් මතක් කරල දෙන්න.

මේ හැම පැත්තෙන්ම අපට උදව් කරන Facebook එකම තමයි ගොඩක් වෙලාවට අපේ යාළුවන්ගේ, දන්න කියන අයගේ උපන් දිනයත් හරි වෙලාවටම මතක් කරලා දෙන්නේ.

ඉතිං මෙහෙම රැයක් දවාලක් නැතුව අපේ උදව්වට ඉන්න Facebook යෙදවුම ලොවට හඳුන්වාදුන් මාර්ක් සකර්බර්ග්ගේ 40වැනි උපන් දිනය අදයි.

Facebook යෙදවුමද, ඇතුළත් ලොව අති දැවැන්තම සමාජජාලා වේදිකාව වන මෙටා සමාගමේ හිමිකරුවා වන මාර්ක් සකර්බර්ග් 1984 වසරේ අද වැනි දින නිව්යෝර්ක්හිදී උපත ලබා තිබෙනවා.

සකර්බර්ග්ට අයතේ මෙටා සමාගමේ සෙසු යෙදවුම් වන්නේ Instagram, Threads සහ WhatsAppය.

ඒ තුළින් සකර්බර්ග් මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 167.1ක මූල්‍ය වත්කමක් උපයාගෙන සිටින බව වාර්තා වල සදහන් වෙනවා

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us