එළැඹෙන 20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Published in ක්‍රීඩා
Friday, 10 May 2024 08:54

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඊයේ(09) ප්‍රකාශයට පත් කර තිබේ

ඊට ක්‍රීඩකයින් 15ක් සහ අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙක් ඇතුළත් ය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අද හිමි විය.

වනිඳු හසරංග මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර උප නායක චරිත් අසලංක.

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ අද නම් කළ සංචිතයට ඇතුළත් ය.

ඒ සඳහා එක්ව සිටින අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුශාර, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංකයි.

මේ අතර, අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us