T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Published in ක්‍රීඩා
Wednesday, 08 May 2024 10:11

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගෙන තිබේ.

ඒ, ස්කොට්ලන්තය සමග පැවති අවසන් මහා තරගය ලකුණු 68කින් ජය ගනිමිනි.

අබුඩාබිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා ය.

නායක චමරි අතපත්තු ලකුණු 102ක් රැස් කළේ පන්දු 63ක් පමණක් වැය කරමිනි.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 101ක් පමණි.

උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක් දවා ගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ සිය ස්ථානය තහවුරු කර ගෙන තිබේ.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us