සංගක්කාරගේ අමුතු ආචාරය

Published in ක්‍රීඩා
Monday, 18 August 2014 10:12

ශ්‍රී ලංකාව හා සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර එස්එස්සී පිටියේ පැවති ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය දැවී යාමෙන් අනතුරුව තරගය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් වෙත විශේෂ ආචාරයක් දැක්වීමත් සමග සංගක්කාරත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට මතයක් ක්‍රීඩා ලෝලීන් අතර පැතිර ගියේය.

එම සැකය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන් අතර පමණක් නොව මාධ්‍යවේදීන් අතරද කතා බහට ලක් වීම හේතුවෙන් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ මාධ්‍යවේදීහු සංගක්කාරගෙන් විමසා සිටියහ.

ක්‍රීඩා ලෝලීන්ගේ සැකය දුරු කරමින් කුමාර් සංගක්කාර කියා සිටියේ තමා සිදු කළ ආචාරයේ කිසිදු විශේෂත්වයක් නැති බවයි.

තම මිතුරු මහේල සමඟ ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් ඉනිම සඳහා පිටියේ රැඳී සිටියදී ඇති වූ හැඟීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීහු සංගක්කාරගෙන් විමසා සිටියහ.


මහේලගේ තැන

මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගැනීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනාගේ කතා බහට ලක් වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ ඇති වන පුරප්පාඩුව පිළිබඳවයි.

ඒ අනුව කණ්ඩායම තුළ මහේලගේ හිඩැස පිරවිය හැකි වේද යන්න පිළිබඳ ඇතමුන් සැක පහළ කරයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළු වන නවක ක්‍රීඩකයාට මහේල ජයවර්ධන වැනි විශිෂ්ට ක්‍රීඩකයකු වන්නට අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට කාලය ලබා දිය යුතු බවයි.

(සංදේශය)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us