තුන්හුලස් වසලයා, මංගලව බිලී බා ගැනීමට දැලක් එළයි.

Published in Gossip
Sunday, 11 October 2015 14:07

දේශපාලනය මෙහෙයවීම තමන් අතට ගැනීමට දත කන තුන් හුලස් මාධ්‍ය වැසිකිලියේ අයිතිකරුවා තමන්ට එරෙහිව සිටින දේශපාලකයන් බිලී බා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. තමන්ගේ මාධ්‍යය හරහා දිගින් දිගටම අසූචි මඩ ගැහුවත් මෙල්ල නොවුණු මංගල සමරවීරගේ හිත දිනාගෙන තමන්ට නම්‍ය කර ගැනීමේ උත්සාහයක මේ තුන් හුලස් මාධ්‍ය වසලයා දැන් යේදී සිටී. මෙහි ආරම්බක පියවර වූයේ ජිනීවා මානව හිමිකම් කොමිසම  පැවැත්වූ සම්මත්‍රණයක මංගල සමරවීර මහතා පෑවැත්වූ කතාව සජීවීව විකාශය කිරීමය. ඒ විකාශ කිරීම සම්බන්ධයෙන් මංගල සමරවීර එම මාධ්‍ය වසලයන්ට ස්තූති කිරීමද සිදු කර තිබේ.

කෙසේ නමුත් මංගලගේ කතා විකාශය කර මංගලව ෂේප් කර දීමේ කොන්ත්‍රාතුව බාරගත්තෙ පාවෙන අවි ගබඩාව ඇවන් ගාර්ඩ්කාරයාගෙන් ගලවා මේ මාධ්‍ය වසලයාට ලබා දීමේ මෙහෙයුමේ පාර්ශ්ව කරුවකු වන මංගලගේම ලේකම්වරයෙකි. බ‍ටු ඇට දෙකකතරම්වත් උස නැති වූවාට දෙපැත්ත කාගෙන එක එකා කොටවමින් බඩගෝස්තරය හොයා ගන්නා මේ කොටා, තුන් හුලස් වසලයාට මංගලව කෙසේ හෝ ෂෙප් කර දෙන බවට පොරොන්දු වී ඇත. කොටා ඇවන් ගාර්ඩ්කාරයාට කෙලවන්න හැදුවේ ඒකාගේ ඉඳුල් කන ගමන්මය.

පහුගිය දින කිහිපයේදී මේ කොටා හිටියේ මාතර සූත්තර පුංචා ගේ ගෙදරය.  සූත්තර පුංචා කියන්නේ තුන්හුලස් ගේ ගෝලයෙකි.  රනිල් ලොක්කාට එරෙහිව තුන් හුලස් සමඟ කළ කුමන්ත්‍රණ මාට්‍ටු වීම නිසා  රනිල්ගෙන් කැපී වෙන්වී සිටී. කොටා, සූත්තර පුංචාට කීවේ මංගල ලොක්කා පොලිටිකල් වැඩ ටික ඔක්කොම කරන්නේ තමන් බවය. සූත්තර පුංචාට කැපිලි දැමූ හිටපු එව්වෝ ඔක්කොම  එළවලා නිසා දැන් මංගල එක්ක වැඩ කරමුයි කීවේය.  ඇමැතිකමකුත් අරං දෙන්නට පොරොන්දු විය.  ඒ නිසා දැන් කට්ටියටම එකට සෙට්වී වැඩ කළ හැකි බවත් කීවේය. මංගලගේ කතාව, තුන් හුලස් නාලිකාවේ යන්නේ ඉන් දින කිහිපයකට පසුවය.

සූත්තර පුංචා මේ දිනවල ඉන්නේ ලොස් ඇන්ජලීස්වලය. ඒ මාමන්ඩිය වෙච්ච ජනාහිපති නීතිඥයා සමඟය. මංගලගේ ගෙට පැන්න හොරා එක්කරගෙන උසාවි අරං ආවේ මේ නීතිකාරයාය. ඊයේ පෙරේදා දවසක කොටා අමරිකාවටම කතාකර කීවේ මංගල ලොක්කා නියොජ්‍ය ඇමැතිකමක් කොහොම හරි සූත්තර පුංචාට පටලා දෙන්නට මේ දිනවල රනිල් ලොක්කා එක්ක කතා කරමින් ඉන්න බවත් කීවේය.මේ ඔක්කොම වෙන්නේ මංගලව තුන් හුලස් වසලයාට මුණ ගැස්සවීමටය. ඒක උණොත් කොටාගේ බඩ හොඳම කෑම වලින් පුරවා ගත හැකි වනු ඇත.

රනිල්ගේ ලොකුම දේශපාලන හයිය මංගලය. රනිල් අද ඔතැන ඉන්නේ මංගල නිසාය. මෛත්‍රී අතන ඉන්නේද මංගල නිසාය. ඒ නිසා මංගලව ෂෙප් කර නොගෙන මොන මගුල කරත් වැඩක් නෑ යැයි මේ තුන් හුලස් මාධ්‍ය වසලයා කියා ඇත. මංගල මේ හැම එකකටම උදැල්ල දැමීම නිසා ගහන ගහන ගේම වැරදී ගියේලු. කොළඹ පොර්ට් සිටියේ වැඩේද කොහොම හරි ගොඩ දාගන්න නම් මංගලගේ උදව්ව ඕනෑවී ඇත.

එජාපය දෙකට තුනට කඩා දැමීමට වලිකෑ මේ තුන් හුලස් වසලයාට, රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම සහය නොදීම නිසා ඔහු වටා සිටින සමීපතමයන් බිලී බා ගැනීමට ගත් කුමන්ත්‍රනකාරී උගුලට මේවන විට රුවනා අසුවූ නමුත් මාතර කොල්ලාට එලූ දැල තවම වැඩ කළේ නැත. එහෙත් ඔහුගේ මාධ්‍ය සහෝදරයා නම දැල සියතින්ම ඔතා ගත් බව සැලය. කුරුණෑගල කොල්ලා යන්තම් අල්ලා ගැනීමට ඔන්න මෙන්නලු. පහුගිය මැතිවරණ කාලයේදී මේ අයගේ දැන්වීම් නොමිළයේම තුන් හුලස් වැසිකිලියේ ප්‍රදර්ශනයට දමා තිබුණේ මේ නිසාය. තරුණ සේවයේ කොල්ලා නම් දැන් ස්ටිකරයක්ම වී වැසිකිලි දොරේ පැද්දි පැද්දී සිටී.

කොහොම නමුත් මංගල සමරවීර මාතර පෑ කුරුඳු පොලු සන්දර්ශනයේදී මේ තුන් හුලස් මාධ්‍ය වැසිකිලියේ වසලයන් පෑ විකුම් මංගලට මතක තිබේ දැයි අපි නොදනිමු. මුණූ රවුම් කර කර පැයෙන් පැයට බ්‍රේකින් නිව්ස් දැම්මා අපට මතය. මංගලගේ රෙදි ගලවම්හ කියමින් පැය ගන්න වෙන් කළ වැඩ සටහන් අපි දැක්කෙමු.

ඒක කොහොම උනත් වසල කුලේ කූට ව්‍යාපාරිකයන්ට ඕනෑ විදිහට මේ රට කරන්න දෙන්නට නොහැකිය. දේශපාලකයෝ මේ වසලයන්ගේ අසූචි බුදින තැනට පත්වන්නේ නම් ඊට අපෙන් නම් සමාවක් නැත. දේශපාලකයන්ට ගනු දෙනු බේරගන්න වෙන්නේ ජනතාව සමඟය. ඒ තේරුම් ගෙන කරන කෂඩ වැඩක් කලාට කම් නැත. ඊළඟ වාරය ජනතාවගේය.

පසු වදන :
මිට්ටා කට්ටයා යැයි කියමනක් තිබේ. අර කිව් කොටාගෙන් මංගල ප්‍රවේශම් වන්නේ නම් හොඳය. මොකද මංගල කියන්න මේ රටට අවශ්‍ය දේශපාලඥයකු නිසාය.

Last modified on Sunday, 11 October 2015 17:07

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us